IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සීෂෙල්ස් ගුවන් යානා පරීක්‍ෂාව-නඩත්තුව-අලුත්වැඩියාව ශ්‍රී ලන්කන් සමාගමෙන්

 (ටී.කේ.ජී.කපිල)

දකුණු ආසියාවේ ගුවන් යානා ඉංජිනේරු සේවා සැපයීමේ ප්‍රමුඛයා වන ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එයා සීෂෙල්ස් නව පාරිභෝගිකයෙකු ලෙස එක් වී සිටී.

ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය ගුවන් යානා නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා ලබාගැනීම එහි අරමුණ වී ඇත. එයා සීෂෙල්ස් සේවයට අයත් ඒ- 320 සහ ඒ- 321 ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ අංගනය වෙත පැමිණ තිබූ අතර, එම ගුවන් යානාවල  " ඒ පරීක්ෂාව " ( A Check ) සාර්ථකව නිම කර තිබේ.

මීට අමතරව කටුනායක සහ මාලේ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සඳහා මූලික නඩත්තු ඉංජිනේරු කටයුතු සහ ගුවන් යානා සහතික කිරීමේ සේවාවද ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය මගින් කරයි.

ඒ සඳහා ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් ගුවන් යානාවලට අමතරව, ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං ගුවන් යානා වන බී- 777, බී- 737 එන්.ජී සහ බී- 787 සඳහා ද මෙම නඩත්තු සේවා සහතික ද නිකුත් කරයි.

කටුනායක ගුවන් තොටුපළ යාත්‍රාංගනය තුළ ඕනෑම කාලගුණික තත්වයක් යටතේ එකවර ගුවන් යානා කීපයක් පරීක්ෂා කිරීම්, නඩත්තු සහ පිරිපහදු සේවා මෙන්ම සහතික නිකුත් කිරීමට ද අවශ්‍ය පහසුකම් සකස් කර තිබේ.

සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් රාජ්‍යයන්ගේ ජාතික ගුවන් සේවා, මෙම කටයුතු සඳහා දැනටමත් ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයට එක්ව සිටී.



අදහස් (2)

සීෂෙල්ස් ගුවන් යානා පරීක්‍ෂාව-නඩත්තුව-අලුත්වැඩියාව ශ්‍රී ලන්කන් සමාගමෙන්

Kaveen Wednesday, 02 October 2019 09:05 PM

සුබපැතුම් ශ්‍රී ලංකන්ට... අප ආඩම්බර වෙනවා ඒ ගැන...

:       0       150

maheshika Thursday, 03 October 2019 02:12 PM

කාලෙකින් සතුටුදායක පුවතක්.

:       0       124

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 92 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site