සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පුරෝගාමී ණය ක්‍රමයේ අරමුණ වන්නේ වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට වඩාත් පහසුවෙන් ණය ලබාගැනීමට අවස්ථාව සලසා දීම ය. මෙය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගන්වන සුවිශේෂී පියවරක් වනු ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය 2024 පෙබරවාරි 01 දින සිට 2024 අප්‍රේල් 30 දින දක්වා ක්‍රියාත්මක වේ. සෙලාන් බැංකුව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත නගාසිටුවමින් රටේ ආර්ථික වර්ධනය උදෙසා ඉටුකරන ලද මහඟු මෙහෙවර නිසා එම බැංකුව මෙම යෝජනා ක්‍රමයේ අරමුදල් නිකුත් කිරීම සඳහා තෝරාගෙන තිබේ.
මෙම ණය ක්‍රමයේ විශේෂත්වයන් වන්නේ සියයට 11 ක තරගකාරී පොලී අනුපාතයක් හිමි වීම සහ ආපසු ගෙවීම සඳහා මාස 6 ක කාලයක් හිමි වීම ය.මෙම වාසිදායක කොන්දේසි විශේෂයෙන් වී එක්රැස් කරන්නන්ට වාසිදායක වනු ඇත. මෙමගින් ඔවුන්ට තම වී, බැංකුවට තබන ඇපයක් ලෙස භාවිතා කළ හැකි වේ.
මෙම යෝජනා ක්‍රමය යටතේ, වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් තිබීම සහ දිනකට උපරිම වශයෙන් මෙට්‍රික් ටොන් 25 ක ධාරිතාවක් තිබීම වැනි මූලික කොන්දේසි සපුරාලන වී මෝල් හිමියන්ට රු. මිලියන 50 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ. මීට අමතරව වලංගු ව්‍යාපාර ලියාපදිංචියක් සහිත වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට රු. මිලියන 25 ක් දක්වා ණය ලබාගත හැකි වනු ඇත. මෙම අරමුදල් මගින් කෘෂිකර්මාන්තයේ ආර්ථික ක්‍රියාකාරකම් දිරිගැන්වෙනු ඇති බවත් ඒ ඔස්සේ සමස්ත ආර්ථිකයට යහපත් දායකත්වයක් ලැබෙනු ඇති බවත් සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.
සෙලාන් බැංකුව මෙම පුරෝගාමී වැඩසටහනේ මූල්‍ය අතරමැදියකු ලෙස කටයුතු කරනුයේ මේ දක්වා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නගාසිටුවීම සඳහා එම බැංකුව විසින් ඉටුකරන ලද මෙහෙවරෙහි තවත් වැදගත් පියවරක් වශයෙනි. මෙවැනි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සැලසීමෙන් වී මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට ප්‍රතිලාභ රැසක් හිමි වන අතර, එය මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනයක් ඇතිකිරීමට දායක වන පියවරක් වනු ඇත.
-595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි