
පසුගියදා පැවති තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී බැංකු කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සෙලාන් බැංකුව සමත් විය. ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරී සංගමය මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී.
'Connecting the Possibilities' යන තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද සෙලාන් බැංකුවේ වාර්ෂික වාර්තාව, විනිවිදභාවය සහ වගවීම යන මූලික ගුණාංග ඒකාබද්ධ කරමින් තම පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසාර වර්ධනයක් ළඟා කරදීම හා ධනය උත්පාදනය කිරීම සඳහා බැංකුව දරන උත්සාහය සම්බන්ධයෙන් මූලික අවධානයක් යොමුකරයි. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් සෙලාන් බැංකුවේ මූලික ඉලක්කය වන්නේ, තම පාර්ශ්වකරුවන්ගේ ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම අතරම පරිසරයට ඇතිවන බලපෑම අවම කරමින්, ප්‍රජා සත්කාර ඔස්සේ තමන් සිදුකරන සමාජ මෙහෙවර තවදුරටත් පුළුල් කිරීම ය.
වාර්ෂිකව පැවැත්වෙන තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී, වගවීම හා විනිවිදභාවය සම්බන්ධ මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සමාගම් හා ආයතන ඇගයීමට ලක් වේ.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙලාන් බැංකුව තිරසාරත්ව වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ