IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සූර්ය පැනල නිෂ්පාදනයට පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහනක්

(මනෝජ් හර්ෂික)

සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අධ්‍යාපනික පුහුණු වැඩසටහනක් රජය මඟින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පස් අවුරුදු  ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක  වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වෙන්කර ඇත.

ඒ අනුව සූර්ය පැනල නිෂ්පාදනය  පිළිබඳ මූලාකෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සැලසීම ව්‍යාපෘතියේ අරමුණක් වන අතර කැලණිය, යාපනය, පේරාදෙණිය සහ රුහුණු යන විශ්වවිද්‍යාල මගින් එය ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සූර්ය පැනල නඩත්තු කිරීම සහ අලුත්වැඩියා කිරීම පිළිබඳව NVQ මට්ටම - 4 වෘත්තීය සුදුසුකම සමග ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 2000 පුහුණු කිරීමේ වැඩසටහනක් සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමක් ද අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

මෙම විෂය සම්බන්ධ පිළිගත් සුදුසුකම් සහිත ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව තුළ නොමැතිවීමේ ගැටළුවට පිළියමක් ලෙස විධිමත් පුහුණුවක් හා පිළිගැනීමක් සහිත තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමට අවශ්‍ය පුහුණුවක් මේ යටතේ ලබාදීමට නියමිතය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙන අතර NAITA ආයතනය  පුහුණු කිරීමේ කටයුතු සිදුකරනු ලබයි.



අදහස් (5)

සූර්ය පැනල නිෂ්පාදනයට පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහනක්

du Saturday, 10 August 2019 07:52 AM

විශිෂ්ට වැඩක්. නිසි ලෙස අවසන් කළොත් හොඳයි...

:       0       18

Perakum Sunday, 11 August 2019 11:38 AM

සූර්ය පැනල තාක්ෂණය සීඝ්‍රයෙන් ඉදිරියට යනවා. කොහෙන් හරි ගෙනාපු යල්පැන ගිය තාක්ෂණය අපට කියාදෙන්න එපා. කාර්යක්ෂමතාව දිනෙන් දින ඉහළ ගිහින් දැන් නිපදවෙනවා. කාර්යක්ෂම හා ප්‍රමාණයෙන් ඉතා කුඩා බැටරි දැන් තියනවා. ඒ අනුව අමතර නිෂ්පාදනය ගබඩා කර රාත්‍රී කාලයට භාවිතා කළ හැක. ඉන්පසුවත් අමතර විදුලිය ඉතිරිවේ නම් පමණක් ප්‍රධාන පද්ධතියට සැපයිය හැකිය. නව තාක්ෂණය පිළිබඳ මනා අධ්‍යයනයක් සිදුකරමින් අවබෝධයෙන් යුතුව මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. නැතහොත් අපට තවත් සුදු අලියෙක් තමයි.

:       0       58

vernonThursday, 15 August 2019 06:02 AM

අනේ ඔව්, පැරකුම්. ඔයා දැන්ම ගිහිල්ලා උපදේශකයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. එතකොට ඒ ළමයින්ට ඔයා දන්න දේවල් කියා දෙන්න පුළුවන්නේ.

:       10       2

vernonThursday, 15 August 2019 06:02 AM

අනේ ඔව්, පැරකුම්. ඔයා දැන්ම ගිහිල්ලා උපදේශකයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. එතකොට ඒ ළමයින්ට ඔයා දන්න දේවල් කියා දෙන්න පුළුවන්නේ.

:       2       1

Dinesh Hemachandra Thursday, 15 August 2019 08:05 AM

ගැහැණු ළමයින්ටත් එන්න පුළුවන්ද? එමෙන්ම වයස 45 වගේ කට්ටියට පුළුවන්ද සති අන්ත පුහුණුවීම් වලට එන්න. ටෙලිෆෝන් නම්බර් එක දෙන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site