
(හර්ෂණ තුෂාර සිල්වා)
සැම්සුන්ග් සමාගමේ නවතම නිෂ්පාදන පහක් කොළඹ දී අද (13) හඳුන්වාදෙන ලදි.
වෘත්තීය කටයුතු සහ විනෝදාස්වාදය යන දෙඅංශයම ආවරණය පරිදි නිර්මාණය කෙරුණු මෙම නිෂ්පාදන කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති උත්සවයකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන්නේය.
‘ගැලැක්සි නෝට් 20, නෝට් 20 අල්ට්‍රා 5ජී යන ස්මාර්ට් ජංගම දුරකතන ද්විත්ය, ගැලැක්සි ටැබ් එස් 7 සහ එස් 7 ප්ලස් යන ටැබ් පරිගණක ද්විත්වය, ගැලැක්සි බඩ්ස් ලයිව් සහ බඩ්ස් ප්ලස් සහ ගැලැක්සි වොච් 3 මෙලෙස කොළඹ දී හඳුන්වා දෙන ලදි.
සැම්සුන්ග් ශ්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් යූ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හඳුන්වාදීම් සිදු කෙරුණි. සැම්සුන්ග් ශ්‍රී ලංකා හි ප්‍රධාන කළනාකාර- නිෂ්පාදන කළමනාකර තුෂාර රත්නවීර මහතා මෙහිදි මෙම නව නිෂ්පාදිත සම්බන්ධයෙන් හැඳින්වීමක් ද කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් පරණ කෑලි එකලාස්තු කර තැනූ නව පාර්ලිමේන්තුවක්...