IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සමාගම් 4 ක් 20 දර්ශකයට එක්වෙයි

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට නව සමාගම් 4ක් ඇතුළත් වී අතර තවත් සමාගම් 4ක් ඉන් ඉවත් වී තිබේ.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට එක්වී තිබෙන නව සමාගම් හතර වන්නේ එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී, එච්.එන්.බී. ඇෂුවරන්ස් පී.එල්.සී, ජනශක්ති ඉන්ෂුවරන්ස් කම්පැනි පී.එල්.සී සහ මෙල්ස්ටාස්කෝප් පී.එල්.සී යන සමාගම්ය. 

මේ අනුව සිලෝන් ටුබැකෝ කම්පැනි පී.එල්.සී, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පී.එල්.සී, රිචඞ් පීරිස් ඇන්ඞ් කම්පැනි පී.එල්.සී සහ ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා පී.එල්.සී යන සමාගම් හතර දර්ශකයෙන් ඉවත් වී තිබේ. 

‘එස් ඇන්ඩ් පී ඩොව් ජෝන්ස් ඉන්ඩිසස්’ දර්ශකයට අනුව මේ වසරේ පළමු අර්ධ වර්ෂය සඳහා කරනු ලබන දර්ශක සැකසීමට අනුව එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයේ ඉහත වෙනස්කම් කළ බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි. 

මෙම සංශෝධනවලට අනුව එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාළ සමාගම්වල ලැයිස්තු ගත වී ඇති නිෂ්ඡන්ද කොටස් ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගත කරන බව ද කොළඹ කොටස් හුවමාරුව කියයි. 

මෙම වෙනස්කම් ජූනි මස 24 වැනිදා සිට බලපැවැත්වෙන බව ද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

මේ අනුව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකයට අන්තර්ගත වීම සඳහා එක් සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500 ක චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට නොඅඩුවීම, නැවත සංසන්ධනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුළ එක මසකදී අවම වශයෙන් දින 10ක දී ගනුදෙනු වී තිබීම හා එම දිනියට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ.

ඇක්සෙස් ඉන්ජිනියරින්, එයිට්කන් ස්පෙන්ස්, චෙව්රොන් ලුබ්රිකන්ට්ස්, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ඩයලොග් ආසියාටා, එක්ස්පෝ ලංකා හෝල්ඩින්ග්ස්, හැටන් නැෂනල්, එච්.එන්.බී. ඇෂුවරන්ස්, ජනශක්ති ඉන්ෂුවරන්ස්,  ජෝන් කීල්ස්, ලංකා අයි.ඕ.සී, මෙල්ස්ටාස්කෝප්, නැෂනල් ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස්, සම්පත් බැංකුව, සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස්, සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස්, ටිජේ ලංකා සහ යූනියන් බැංකුව යන සමාගම් එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා දර්ශකයට ජූනි මස 24 වැනිදා සිට අදාළ වන කොටස් සමූහ වේ. 

(055)

 



අදහස් (0)

සමාගම් 4 ක් 20 දර්ශකයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 92 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site