විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 182.9ක් ලෙස සටහන් වන අතර, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 1 ක පමණ වර්ධනයකි.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඉපැයූ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.47 දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටට මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී සංචාරකයන් 158,971 ක් මෙරටට පැමිණ තිබූ අතර, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් විය. එහෙත් මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස සැලකිය යුතු මට්ටමින් ඉහළ ගියද
සංචාරක ඉපැයීම වර්ධනය වී ඇත්තේ සියයට 1 ක ප්‍රතිශතයකින් පමණක් වීම විශේෂත්වයක් වූවේය.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ඉපැයීම ඇමෙරිකානු ඩොලර් මිලියන 181 ක් වූ අතර පසුගිය වසරේ පළමු මාස 9දී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.34 ක් විය.
මෙම වසරේ පළමු මාස 9 තුළ මෙරටට සංචාරකයන් 1,725,494 ක් පැමිණ ඇති අතර, මෙම වසරේ සංචාරක ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස තුන තුළ තවත් සංචාරකයන් 874,506 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. එසේම මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක සංචාරක ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස තුන තුළදී තවත් ඩොලර් බිලියන 2.43ක මුදලක් උපයා ගත යුතුව තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැප්තැම්බරයේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 182.9ක්