IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආදායම රු.බි.45.5ක්

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2024 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වූ මාස නවය (9MFY25) සඳහා රුපියල් බිලියන 45.2 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.7ක වර්ධනයකි.
සමූහයේ ප්‍රධාන මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරමින් මෙම කාලපරිච්ඡේදය සඳහා දළ ලාබ ආන්තිකය පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයේ සියයට 31.1 හා සැසඳීමේදී සියයට 30-8ක් විය. මූලික වශයෙන් පාරිභෝගික සන්නාම අංශයේ ලාබ ආන්තිකයේ පහළ යාම සහ කෘෂි ව්‍යාපාර අංශයේ ඉහළ බදු හේතුවෙන් අදාළ කාලපරිච්ඡේදය සඳහා බදු පසු ලාබය (PAT) සියයට 14.1කින් අඩු වී රුපියල් බිලියන 4.7 ක් වී ඇත.
සමූහය ලබා ගත් ඉහළ වර්ධනයට සුව සේවා අංශය විශාල දායකත්වයක් ලබා දුන් අතර එය මුළු ආදායමෙන් සියයට 54.9 කි. මේ අතර පාරිභෝගික අංශය සියයට 31.8 ක් ද කෘෂි ව්‍යාපාර අංශය සියයට 13ග3 ක් ද වශයෙන් සමූහයේ මුළු ආදායමට දායක විය.
සමූහය ලබා ගත් මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා මෙසේ පැවසීය. සමූහයේ සෑම ප්‍රධාන අංශයක්ම හරහා අඛණ්ඩව ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කර තිබෙනවා. ආර්ථිකය යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති අතර ණය ශ්‍රේණිගත කිරීම් වැඩිදියුණු වී ඇති නමුත්, විශේෂයෙන්ම පාරිභෝගික අංශය තුළ පවත්නා මූල්‍ය දුෂ්කරතා තවමත් පාරිභෝගිකයන්ගේ වියදම් කිරීමේ හැකියාවට බලපෑමක් එල්ල කරනවා. කෙසේ වෙතත් ඉදිරි කාර්තුව තුළ මෙම අභියෝග ජය ගැනීමට සහ අපගේ ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි බව අපිට විශ්වාසයි. ඉදිරියට යමින් තිරසාර වර්ධනයක් සහ වටිනාකම් නිර්මාණයක් සඳහා අපි කැපවී සිටිනවා. ඊට අමතරවල සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි පවතින සාමාන්‍ය කොටස් කුඩා ඒකකවලට බෙදීමට අප තීරණය කර තිබෙන අතර මෙම පියවර මගින් ආයෝජකයන් සඳහා කොටස් වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම, වෙළෙඳ ක්‍රියාකාරකම් වැඩි කිරීම සහ සමස්ත වෙළෙදපොළ ප්‍රවේශ්‍යතාව සහ ද්‍රවශීලතාව වැඩි දියුණු කිරීම අපේ අරමුණයි.” 
සමූහයේ සුව සේවා අංශය යටතේ ඇති සියලුම ව්‍යාපාර පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.8ක ශක්තිමත් ආදායම් වර්ධනයක් පවත්වා ගෙන ඇත. මෙය ලාබදායීතාව වැඩිදියුණු කිරීමට හේතු වූ අතර එම අංශයේ පොලී සහ බදු පෙර ඉපැයීමේ (EBIT) ආන්තිකය පසුගිය වසරේ අදාළ පරිච්ඡේදයේ සියයට 16.2 හා සැසඳීමේදී 2025 මූල්‍ය වසරේ පළමු මාස නවය සඳහා සියයට 17.9 ක් දක්වා ඉහළ ගියේය.
සමූහයේ ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය වන ලීනා මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම පසුගිය වසරට සාපේක්ෂව සියයට 101.5 ක සුවිශේෂී ආදායම් වර්ධනයක් ලබා ගෙන ඇති අතර Metered-Dose ඉන්හේලර් (MDI) කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඉහළ යාම මෙයට හේතු විය.
පසුගිය වසරට සාපේක්ෂව අපනයන සහ දේශීය ව්‍යාපාර ඇතුළත් පාරිභෝගික අංශයේ ආදායම 2024 මූල්‍ය වර්ෂයේ මාස නවය තුළ සියයට 3.1 ක සුළු අඩු වීමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 14.4 ක් වාර්තා කර ඇත. සන්නාමගත තේ සහ රසකැවිලි යන ව්‍යාපාරවලින් ලැබෙන ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.4 කින් පහත වැටුණු අතර එයට ප්‍රධාන වශයෙන් අදාළ කාල පරිච්ඡේදයේදී රසකැවිලි අලෙවිය අඩු වීම හේතු විය. සන්නාමගත තේ අලෙවිය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1.4 කින් වර්ධනය වූ නමුත් වැට් බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම අංශයේ මුළු ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.3 කින් පහත වැටුණි. පසුගිය වසරට සාපේක්ෂව රසකැවිලි අංශයේ ආදායම සියයට 30කින් පහත වැටුණු අතර අපනයන අංශයේ ආදායම පසුගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 30 කින් ඉහළ ගියේය.

 



අදහස් (0)

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආදායම රු.බි.45.5ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site