IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් අමුත්තන්ගේ ආරක්ෂාව, සේවා අඛණ්ඩතාවට කැපවේ

මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී Cinnamon & Resorts අපගේ ප්‍රජාව සමග එක්සත් වී සිටින අතර, අපගේ අමුත්තන්ගේ සහ සේවකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කරමින් ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීමට කැපවී සිටින බව පවසයි.
එම සමාගම මෙසේ ද සඳහන් කරයි.පසුගිය දින කිහිපය තුළ දිවයින පුරා ඇති වූ අයහපත් කාලගුණය අපගේ හෝටල් කිහිපයක ක්‍රියාකාරිත්වයට තාවකාලිකව බලපෑවේය. අපගේ කණ්ඩායම්වල කඩිනම් ප්‍රතිචාරයට සහ කැපවීමට ස්තුතිවන්ත වන්නට බලපෑමට ලක්වූ සියලුම නිවාඩු නිකේතන වන සිනමන් ලොජ් හබරණ (Cinnamon Lodge Habarana), හබරණ විලේජ් බයි සිනමන් (Habarana Villge by Cinnamon), සිනමන් සිටඩෙල් කැන්ඩි (Cinnamon Citadel Kandy), කැන්ඩි මිස්ට් බයි සිනමන් (Kandy Myst by Cinnamon) සහ ට්‍රින්කෝ බ්ලූ බයි සිනමන් (Trinco Blu by Cinnamon) හි ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත්ව ඇති බැවින් යළිත් අමුත්තන් පිළිගැනීම නැවත ආරම්භ කර ඇති බව තහවුරු කිරීමට අපි සතුටු වෙමු.
පසුගිය සතියේ ප්‍රදේශ කිහිපයකට තාවකාලික කාලගුණික බාධා ඇති වුව ද, සියලුම අමුත්තන්ගේ ආරක්ෂාවට පූර්ණ ප්‍රමුඛතාවක් ලබා දුන් අතර, අපගේ සංචාරක හවුල්කරුවන් ද අඛණ්ඩව දැනුවත් කරන ලදී.
2025 දෙසැම්බර් 1 වැනි දින වන විට සියලුම සිනමන් හොටල් සහ නිවාඩු නිකේතන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන අතර, නිවාඩු නිකේතන ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව දිගටම පවතින අතර, අමුත්තන් පැමිණීම, රැඳී සිටීම සහ පිටත්වීම නියමිත පරිදි සිඳු වේ. එමෙන්ම, සියලුම වෙන් කිරීම්, පැමිණීම් සැලසුම් කළ පරිදි නොවෙනස්ව පවතී. මෙම කාලය තුළ ප්‍රජාවට සහාය වීම සඳහා අපගේ කැපවීමේ කොටසක් ලෙස, ජෝන් කීල්ස් සමූහය සහ අපගේ පදනම සමඟ එක්ව බලපෑමට ලක්වූවන්ට සහාය වීම සඳහා සිනමන් හෝටල් ඇන්ඩ් රිසොර්ට්ස් ක්‍රියාකාරිව කටයුතු කරයි.
ප්‍රමුඛ පෙළේ ආගන්තුක සත්කාර සන්නාමයක් ලෙස, අපගේ ප්‍රමුඛතාව වන්නේ අප සමඟ රැඳී සිටින හෝ අප අවට ජීවත් වන සැමට අඛණ්ඩ සුවපහසුව සහ ආරක්ෂාව සහතික කරන අතරම රට යථා තත්වයට පත් කිරීමට සහාය වීමයි. මෙම තත්වය හමුවේ කැපවීමෙන් ක්‍රියා කළ අපගේ කණ්ඩායම්, පළාත් පාලන ආයතන, හවුල්කරුවන් සහ අපගේ අමුත්තන්ගේ අවබෝධය සහ සහයෝගිතාවට අපේ අවංක කෘතඥතාව පළ කරමු. අපි සාමූහිකව යථා තත්වයට පත්වීම කරා යන ගමනේ යාවත්කාලීන තොරතුරු සහ සේවා ලබාදෙමින් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ රැඳී සිටිනු ඇත.

 



අදහස් (0)

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසොර්ට්ස් අමුත්තන්ගේ ආරක්ෂාව, සේවා අඛණ්ඩතාවට කැපවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site