IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


සිනමන් ග්‍රෑන්ඞ් - කිංග්ස්බරි හෝටල් දෙකට ලක්ෂ 500ක රක්ෂණ මුදලක්

(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් හානි සිදු වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි හෝටල් දෙකට ජාතික රක්ෂණ භාර අරමුදලින් රුපියල් ලක්ෂ 500ක මුදලක් ලබාදුන් බව එම අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා ලංකාදීපයට අද (29) පැවැසීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් සහ කිංග්ස්බරි යන හෝටල් දෙක ත්‍රස්තවාදී උවදුරු රක්ෂණාවරණය ලබාගෙන තිබූ බැවින් හානිය සම්පූර්ණයෙන් ඇස්තමේන්තු කරන තෙක් අත්තිකාරමක් ලෙස එම මුදල ලබාදුන් බව ද මංජුල ද සිල්වා මහතා කීවේය.

හෝටල් දෙකට සිදු වූ සම්පූර්ණ හානිය ගණනය කිරීම සඳහා ස්වාධීන තක්සේරුකරුවකු පත් කර ඇතැයි ද හෙතෙම පැවැසීය. එහි වාර්තාව සතියකින් ලැබෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. 

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් හානි සිදු වූ ෂැංග්‍රිලා හෝටලය ජාත්‍යන්තර සමාගමක් වන බැවින් සෘජුවම ගෝලීය රක්ෂණ ඔප්පු යටතේ ආවරණය වනු ඇතැයි ද මංජුල ද සිල්වා මහතා කීවේය. එම හෝටලයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා ද විදෙස් තක්සේරුකරුවකු පැමිණෙන බව ද ඔහු තවදුරටත් පැවැසීය. 

 



අදහස් (0)

සිනමන් ග්‍රෑන්ඞ් - කිංග්ස්බරි හෝටල් දෙකට ලක්ෂ 500ක රක්ෂණ මුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 220 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 736 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1161 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site