IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සෞදි සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න වැඩසටහනක්

( තිළිණි ද සිල්වා )
 
සෞදි අරාබියානු සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එරට රියාද් සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් එරටදි සංවිධානය කර තිබුණි.
 
ඒ  සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඒ.තාසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් 33 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වූ අතරම ලංකාවේ ප්‍රධාන පෙළේ සංචාරක සමාගම් 15ක නියෝජිතයින් සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ  පිරිසක්ද ඊට එක්ව සිටි බව සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර සිටී.
 
මෙහිදී ලංකා දූත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශනය සහිත ඓතිහාසික ස්ථාන හා විනෝදවන ස්ථාන පිළිබඳව ප්‍රදර්ශනය නැරඹීටම පැමිණි පිරිස් හා සෞදි සංචාරක නියෝජිතවරුන්ව දැනුම්වත් කරන ලදී.
 
මෙම ශ්‍රී ලංකා සංචරණය ප්‍රවර්ධන වැඩසටහන් හා දැක්ම රියාද් නුවරට අමතරව දමාම් නුවරදීද පැවැත්විණි.
 
ගිය වසරේදී පමණක් සෞදි ජාතිකයින් 35,000 ක් පමණ ලංකාවට පැමිණි අතර මේ වසරේදී හා 2020 රජයේ දැක්ම වැඩසටහන යටතේ එම සංචාරකයින් සංඛ්‍යාව තවත් ඉහළ නංවා ගැනීම සඳහා මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන දියත් කළ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
දසවැනි වරටත් පැවැත්වූ ලොව පුරා රටවල් 50 කට අයත් සංචාරක නියෝජිතවරුන් 150 කට වැඩි පිරිසක් සහභාගී වන රියාද් සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් සෞදි වැසියන් මෙරටට ගෙන්වා ගැනීමටත් ,එරට සිටින සංචාරක නියෝජිතයින් සමඟ ඉදිරියටත් වැඩකටයුතු කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගනිමින් සිටී.



අදහස් (5)

සෞදි සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න වැඩසටහනක්

malik Friday, 04 May 2018 04:48 AM

අපෝ එපා. අරාබි රටවල් වල ප්‍රවර්ධන කටයුතු කරන්න එපා. සංචාරකයෝ ආවට පස්සේ ගහ මරා ගනීවි.

:       8       20

sunil perera Saturday, 05 May 2018 08:36 AM

ලෝකයේ විවිධ රටවල මෙවැනි අවස්ථා පැමිණෙන විට එම රටවලට උචිත ආකාරයේ ආකර්ශනීය දත්ත යොදා ගනිමින් සිදුකරන ලද විශේෂ වැඩසටහන් සංචාරක මණ්ඩලය හෝ ඒ ආශ්‍රිත ආයතනවලින් පිළියෙළ කර තබා ගැනීම වැදගත්. මෙහිදී විවිධ මාතෘකා ඔස්සේ නව ඩිජිටල් තාක්ෂණය ලබාගෙන මනස්කාන්ත ලෙස ප්‍රදර්ශනය කල යුතුයි. ඉංග්‍රීසි බසට අමතරව එම රටවල මවුබස යොදාගැනීමත් වැදගත් යයි සිතමි.

:       21       3

AsankaSunday, 06 May 2018 10:27 AM

ඕවා සවුදියේ අයට පෙන්නුවට වැඩක් නැහැ. පහුගිය කාලේ නුවර ගිනි තියපුවා ඒ මිනිස්සු හොඳට දැක්කා මෙහෙ නිවුස් වල... මමත් සවුදියේ වැඩකරන්නේ, මගෙන් ඕනෑ තරම් අය අහලා තියනවා. ඔවුන්ට ඇත්ත පහදලා දුන්නා රට වෙනුවෙන්.. දන්නා නිසා කියන්නේ...

:       0       24

Bimal Sunday, 06 May 2018 09:00 AM

ඔක්කොටම කලින් අපේ සමහර මිනිස්සුන්ට ශීලාචාරව සංචාරකයින් සම්බන්ධව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වන්න. සමහරු හිතන්නේ ඒ මිනිස්සු මෙහෙ එන්නේ චිත්‍රපටිවල රඟපාන්න කියලා.

:       0       6

konara bandara Thursday, 10 May 2018 05:24 AM

මා සෞදියේ අවු 25 ක මෙම ක්සේතරයේ සේවය කල කෙනෙකි. කිසි දිනක ලංකාවී සංචාරක මණ්ඩලය කිසිම උත්සහයක් මේ සඳහා ගත්තේ නැහැ. මාලදීවයින ඉන්දුනීසියාව සිංගප්පුරුව වැනි රටවල් කරන උත්සහයන ගැන පුදුම සිතෙනවා. සෞදි ජාතිකයින්ට හෝටල් ,මුහුදු වෙරළවල් ගැන දැන්වීම් අනාවස්‍යයි. ඔවුන් ඒ දේවල් ගැන හොඳට දන්නවා. කොළ පාට පරිසරය, ගැමි ජීවිතය ,පුරාණ ස්ථාන ගැන හරි උනන්දුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 678 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17801 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 754 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site