IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ

හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛ වාණිජ වන වගා සමාගමක් වන සදාහරිත සමූහ ව්‍යාපාරය මෙරට ඉතිහාසයේ ප්‍රථමවරට අගාවුඞ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිය. එහිදී ආයෝජකයන් සඳහා ප්‍රතිලාභ අත් කර දෙමින් මුදල් පිරිනැමීමේ අවස්ථාව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවට අගාවුඞ් වගාව හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම නෑබඩ ප්‍රදේශයේ සිය ප්‍රථම අගාවුඩ් වන වගා ව්‍යාපෘතිය සඳහා ආයෝජන සිදු කළ ආයෝජකයන්ගේ අගාවුඞ් අස්වනු මෙලෙස මිලදී ගෙන මුදල් ප්‍රතිලාභ පිරිනැමිය.

සදාහරිත සමූහ ව්‍යාපාරය ආයෝජකයන් 35,000ක් සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ට ඉහළ වාණිජමය වටිනාකම් හිමිකර දෙමින් රටේ වනාන්තර ආවරණය සංරක්ෂණය කිරීමට සහය වී තිබේ. මීට වසර 7කට පෙර නෑබඩ අගාවුඞ් ව්‍යාපෘතියේ ආයෝජන සිදු කළ ආයෝජකයන්ට ගිවිසුම් ප්‍රකාරව අගාවුඞ් ශාකයක් සඳහා සමාගම පොරොන්දු වූ රු 25,000ක වටිනාකම දෙගුණ කරමින් රු 50,000ක ඉහළ වටිනාකමක් පිරිනැමිය. එම වටිනාකම බැංකු පොලී අනුපාතය සමඟ ගත් කල සියයට 22.4%ක ඉහළ වාර්ෂික ප්‍රතිලාභ හිමිකර දීමක් බව එම සමාගම සඳහන් කරයි.

ලෝක වෙළඳපොළ හැසිරීම පිළිබඳව සිදු කරන ලද ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා සලකා බැලීමේදී ඉදිරි වසර 10 තුළ ලෝක අගාවුඞ් වෙළඳපොලේ ඉදිරි පෙලේ සමාගම 10 අතරට සදාහරිත වැවිලි සමාගම ද නම් කර ඇතැයි එම සමාගම සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උල්පතක් බඳු අගාවුඞ් වන වගාව හදුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා, සදාහරිත හා අත්වැල් බැඳගත් ආයෝජකයන්ට සිය ප්‍රතිලාභ හිමිකර දෙන අවස්ථාවේ මෙලෙස ප්‍රකාශ කළේය. “අද දිනය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් දිනයක් බවට පත් කරමින් නිත්‍යානුකුල අගාවුඩ් ආයෝජකයන්ගේ අස්වැන්න මිලදී ගෙන ඔවුන්ට බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළ ප්‍රතිලාභ හිමිකරදීමට හැකිවීම පිළිබඳව මා බෙහෙවින්ම සතුටු වනවා. ජේමිස් ටේලර් ශ්‍රී ලංකාවට තේ වගාව හදුන්වා දුන්නා සේම ශ්‍රී ලංකාවට අගාවුඞ් හඳුන්වා දීමේ පුරෝගාමියා විමේ ගෞරවය අප සතු වීම පිළිබදව අපි නිහතමානීව සතුටු වනවා. අගාවුඩ් හඳුන්වා දීම හරහා රටට විදේශ විනිමය ගෙන දීමත්, දේශීය ආයෝජකයන් ශක්තිමත් කිරීමත්, සොබා දහමේ ආරක්ෂාවත් අපි නිසි අයුරින් දිගුකාලීනව සැලසුම් කරන ලද්දක්. සමාගමක් ලෙස ගනුදෙනුකරුවන්ට හොඳම දේ ලබා දිය යුතු බව මා විශ්වාස කරනවා. ඒ කෙරෙහි වසර 19ක් පුරා අපගේ ගනුදෙනුකරුවන් විශ්වාසය තබා තිබෙනවා.”

ඡායා - සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතාගේ සුරතින් අගාවුඞ් ආයෝජකයන්ට මුදල් පිරිනමන අවස්ථාව.

 



අදහස් (1)

සදාහරිත සමාගමෙන් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ

Nishshanka Silva Sunday, 29 August 2021 04:39 PM

මෙම ව්‍යාපෘතිය ආයෝඡනය කිරීම සඳහා මම විස්තර ලබා ගන්නේ කෙසේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 367 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site