(රංජන් කස්තුරි)
දේශීය ටින්මාළු කර්මාන්ත ශාලාවලින් සතොස ආයතනය මිලදී ගන්නා ටින්මාළු සඳහා රුපියල් 20ක අමතර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.
දේශීය කර්මාන්ත ශාලාවලින් සතොස මිලදී ගන්නා ග්‍රෑම් 425 මාළු ටින් එකක් මෙතෙක් රුපියල් 140 කට මිලදී ගත් අතර වහාම ක්‍රියාත්මක වන පරිදී ඒ සඳහා රුපියල් 160 ගෙවීමට රජය තීරණය කර තිබේ.
ජීවන වියදම් කමිටුව ඉකුත්දා රැස්වී මෙම තීරණය ගෙන තිබෙන අතර දේශීය කර්මාන්ත කරුවන්ගෙන් මිලදී ගන්නා ග්‍රෑම් 425 මාළු ටින් එකකට මින් ඉදිරියට රුපියල් 160 බැගින් ගෙන්වන්නැයි ද ජීවන වියදම් කමිටුව සතොස ආයතනයට දැනුම් දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සතොස මිලදී ගන්නා ටින්මාළු වලට රු.20ක අමතර මුදලක්
Bamunuarachchi Sunday, 29 July 2018 12:37 AM
තව විදිහකින් ඔය කියන්නේ ටින්මාළු මිල රුපියල් විස්සකින් වැඩිවුනා කියලනේ. කොහොමද අපිව ගොනාට අන්දන හැටි. පණුවෝ ඉන්නවා කියලා පාවිච්චිය ටික දවසකට නැවැත්තුවා දැන් මිල වැඩිවුණා. මොකද රු 20කට වැඩිය දීලා අරගෙන ජනතාවට පරණ මිලටම දෙන්නේ සතොසට දුකසේ ඉන්නයැ?
Bamunuarachchi Sunday, 29 July 2018 12:42 AM
ජීවන වියදම් කමිටුවට දැනිලා තිබෙන්නේ නිෂ්පාදකයාගේ ජීවන වියදම් බර නැතුව ජනතාවගේ ජීවන වියදම් බර නොවෙයි. බස් ගාස්තුවටත් එහෙමනේ වුනේ. බස් කාරයින් ඉල්ලුවාටත් වැඩිය දුන්නා. අනේද කියන්නේ?