(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියළු පාර්ශවකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැතිවරයා අද (3) විශේෂ ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ සංචාරක ව්‍යාපාරය යළි ඉහළට ඔසවා තැබීම උදෙසා තම රජය පූර්ණ සහය සහ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය පහත දැක්වේ.
"ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ප්‍රසිද්ධ සංචාරක සගරාවක් වන "ලෝන්ලි ප්ලැනට්" සඟරාව මේ වසර ආරම්භයේදී ප්‍රකාශයට පත් කර තිබුණා. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සිටි සංචාරකයන් රටින් පිටව ගියා. ඒ අවස්ථාවේ ලෝන්ලි ප්ලැනට් සඟරාව සංචාරක ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් ස්ථානය අපේ රටට අහිමිවී යනු ඇතැයි සියලුම දෙනා කල්පනා කළා.
නමුත් පසුගිය සතියේ ලෝන්ලි ප්ලැනට් සඟරාව නැවතත් ප්‍රකාශයට පත් කර තිබුණේ ගැටළු තිබුණත් තවමත් ලෝකයේ සංචාරය කළ යුතුම ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි. එය අපට ආඩම්බරයට කරුණක්.
විවිධ ගැටළු තිබුණත් ඒවා නොතකා ශ්‍රී ලංකාවේ ජනතාව සිනහමුසුව තමන්ව පිළගත් බවයි එම සඟරාව ප්‍රකාශ කර තිබෙන්නේ. තමන් ශ්‍රී ලංකාව පුරා සංචාරය කළ බවත්, මේ වනවිට රට තුළ සංචාරය කිරීමට ගැටළුවක් නොමැති බවත් ඔවුන් පවසා තිබෙනවා.
මේ තුළින් ශ්‍රී ලංකාවේ අපිට විශාල ධෛර්යක් ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට අපේ රජය විසින් පියවර කිහිපයක්ම ගෙන තිබෙනවා. එවැනි පියවර රැසක් ඉදිරියටත් ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය නැවත නඟාසිටුවීමට සංචාරක කර්මාන්තයේ නියැලෙන ලොකු කුඩා සියලුම පුද්ගලයන් ගත් උත්සාහයට මම ස්තූතිවන්ත වනවා.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු එදිනම ආරක්‍ෂක අංශ වෙත උපදෙස් ලබාදුන් පරිදි අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සියලූදෙනාම අත්අඩංගුවට ගෙන මාස දෙකක් ගතවීමටත් පෙර රට නැවතත් යථාතත්වයට පත් කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශවලටත් ස්තූතිය පිරිනමනවා.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවතත් රටට ආදායම් ලබාදෙන කර්මාන්තයක් බවට ඉක්මණින් පත්වනු ඇති බව විශ්වාස කරනවා.”
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංචාරයට සුදුසු රටක් ලෙස පළමු තැන ලංකාවට ලැබීම ගෞරවයක්
janis Wednesday, 03 July 2019 12:53 PM
ආයෙමත් මේක නැති කරගන්නේ සිරිසේන මහතා කරන වැඩ නිසායි.
de silva Wednesday, 03 July 2019 03:34 PM
ඔය සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කිසිම ඵලදායක දෙයක් නොකර ටුවරිස්ට් බෝර්ඩ් අහෝසිකරලා දමන්න බැරිද?
AkilaThursday, 04 July 2019 11:11 AM
සහතික ඇත්ත, මම දැක්ක එක සංචාරකයෙක් ලංකාවේ ඇවිත් ගියතැන් වීඩියෝ කරලා දාලා තියන එකකට ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙක් කියලා තිබ්බ " මන් ලංකාවේ මෙච්චර ලස්සන වෙරළවල් තියනවා කියල දන්නේ අද... මොකද ලංකවේ ටුවරිසම් ගැන කිසිම මාකටින් එකක් එහෙ වෙන්නේ නැති නිසා කියලා..."
nihal Thursday, 04 July 2019 05:11 PM
බැංකු හොරා කෑම්... තම්බි මිනිසුන්ට කත් ඇදීම රටට අගෞරවයක් වෙලා...
Bandara Saturday, 06 July 2019 10:06 AM
රට කාලා ගෞරවයක් ගැන කතා කරනවා.