( තිළිණි ද සිල්වා )
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතන වලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබූ සහන කාලය තවත් මාස 4 කින් දීර්ඝ කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද (26) පැවසීය.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ සිදු වූ කඩා වැටීමත් සමඟම මෙම සහනය සැලසුණු අතර සහන ලබා දී තිබූ කාලය පසුගිය දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය.
ඉන්පසුව සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක ආයතන හිමියන් 2020 ජනවාරි 1 වැනිදා සිට සමාන වාරික මගින් සංචාරක බද්ධ වසරක් තුළ ආපසු ගෙවිය යුතු විය.
එහෙත් මෙම සංචාරක ආයතන වලට අදාළ බදු ගෙවීම සදහා නැවත සහන කාලයක් ලබා දෙන ලෙස එම හිමිකරුවන් කළ ඉල්ලීම සළකා මෙම තීරණයට එළඹී බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
මෙරට සංචාරක පැමිණීම් පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව තවමත් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් නොවීමත්, පසුගිය මාස කිහිපයේ දී ඇතිවූ කොරෝනා වසංගතය හේතුවෙන් නැවතත් සංචාරක පැමිණීම්වල අඩුවක් දක්නට ලැබෙන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දේ.
එයද මෙම සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහනය දීර්ඝ කිරීමට හේතු වූ බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංචාරක හෝටල් බදු සහන මාස හතරකින් දීර්ඝ කරයි