සංචාරක පොලිසියට තවත් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරන බව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.
සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිසිය සඳහා මීට පෙර ද රුපියල් මිලියන 50ක් වෙන් කළ බවත් මේ වනවිට එම මුදල් ප්‍රමාණවත් නැතැයි දැන් පෙනී යන බවත් අමාත්‍යවරයා කීය.
අයවැය යෝජනා අනුව සංචාරක පොලිසියට යතුරුපැදි සහ බීච් රෝවර් රථ ලබාදීම වෙනුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එම කරුණු කීය.
“පොලිසිය භාර ඇමැතිතුමාත්, සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිතුමත් අපි සියලුම දෙනා මේ කාර්යයට එකතු වුණා. විශේෂයෙන් අපේ අමාත්‍යාංශයෙන් මිලියන 50 ක් දුන්නා මේ වෙනුවෙන්. ඒකත් මදි. මොකද අද වෙනකොට ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේම සංචාරකයෝ ගමන් කරනවා. මේ විදිහට සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අපේ සංචාරක ව්‍යාපාරයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට මම සලකනවා. ඒ වගේම ලබන අවුරුද්දෙදි අපි තවත් මිලියන 50 ක් සංචාරක පොලීසියට ලබා දෙන්න කටයුතු කරනවා. මොකද මේ කාර්ය ඉතාම වැදගත් කාර්යයක්.” යැයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තවදුරටත් කීය.
(055)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සංචාරක පොලිසියට තවත් රුපියල් මිලියන 50ක්