IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් ඒකක 22 ක්

(තිළිණි ද සිල්වා )
 
මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිවයින පුරා  අලූතින් සංචාරක පොලිස් ඒකක 22 ක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
  
ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අවස්ථාවලදී මුහුණ පෑමට සිදුවන අපහසුතාවයන් වාර්තා කිරීමට සහ ඒ සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් මෙම නව සංචාරක පොලිස් ඒකක ස්ථාපත කරන බවද එම අධිකාරිය කියා සිටී.
 
 සංචාරක පොලිස් ඒකක 11ක් රට පුරා පවතින අතර සංචාරකයින් පැමිණීම ඉහළ යෑම හේතුවෙන් නව සංචාරක පොලිස් ඒකක පිහිටුවන බවද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.

මෙම නව  සංචාරක පොලිස් ඒකක පිහිටුවීමේදී ඉඩම් පහසුකම් සොයා ගැනීම දුෂ්කරතා ඇතිවූ හෙයින් , ඊට පිළියම් වශයෙන් කුඩා ඉඩම් ප‍්‍රමාණයක බහාලූම් (කන්ටේනර් ) භාවිත කර සංචාරක පොලිසි පිහිටුවීමට බලාපොරොත්තු වන බවද සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
 
 මෙම එක් ඒකකයට බහාලූම් 4 ක් පමණ භාවිත කරන අතර ,පොලිසියට අවශ්‍ය සියලූ පහසුකම්, ස්ථානාධිපති කාර්යාලය, නවාතැන් පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් යනාදී සියල්ල මෙම පොලිස් ඒකකයට අන්තර්ගත වන බවද එම අධිකාරිය කියා සිටී.
 
 මෙම එක් පොලිස් ඒකකයක් සඳහා සියලූ ගෘහ භාණ්ඩ, උපාංග සහිතව රු. මිලියන 05 ක පිරිවැයක් දරණ අතර මෙහි නියමු ව්‍යාපෘතිය ඉකුත් 22 වැනිදා මිරිස්සේදී දියත් කෙරිණි.



අදහස් (1)

සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් ඒකක 22 ක්

chandima Wednesday, 27 March 2019 04:52 PM

අැයි ඉතින් සංචාරකයන් ගැන විතරක්ම හිතන්නේ? අපිත් මිනිස්සුනේ? අපි පුංචි කලේ තිබුණු පොලිස් ස්ථාන ගන්නට වඩා ඕනෑනම් පොලිසි කිහිපයක් රට පුරා අලුතින් පිහිටවල ඇති. නමුත් ජනගහනේ මොනතරම් වැඩිවෙලාද? සමහර දියුණු රටවල ජනගහනේ වැඩි පැතිවල කුඩා පොලිස් ස්ථාන පිහිටවනවා. ප්‍රධාන පොලිසියෙන් පාලනය වෙන... එව්වගේ අක්‍රමිකව එක එක වෙලාවට පොලිස් නිලධාරීන් රඳවනවා එක එක අවශ්‍ය වෙලාවට. මේ ක්‍රමයෙන් ඔය කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ එහෙමත් අල්ලගන්න පුළුවනි. ගම්වල ප්‍රශ්නත් විසඳෙනවා. ලංකාවේ පොලිස් ස්ථාන පිහිටුවනවට වඩා වේගෙන් පල්ලි පන්සල් ඉන්දිවෙනවා. මහා විශාල වියදමක් යන්නේ නැහැ. ලෑලිවලින් සෑදු කුඩා කාමරයක් මේ සඳහා හොඳටම ප්‍රමාණවත්. රෝද සවි කළොත් වෙනත් තැන්වලට ගෙනයන්නත් පුළුවනි.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site