IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 53,045 කින් ඉහළට


විමුක්ති එස් රුද්‍රිගු


මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 2.8 කින් 53,045 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහා බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,917,085 ක් ලෙස සටහන් වී ඇති අතර එය පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට 1,970,130 දක්වා සියයට 2.8 කින් ඉහළ ගොස් ඇත. කෙසේ නමුත් පසුගිය නොවැම්බර් මස අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654 ක් ලෙස සටහන් වී ඇති අතර ඒ අනුව මසක් තුළදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 18,476 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස අවසාන මාසයේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 18,476 කින් සැලකිය යුතු ලෙස ඉහළ යාමට පහළ යන පොලී අනුපාත හමුවේ මෙරට බැංකු විසින් සිදුකරන ලද ප්‍රවර්ධන වැඩසටහන් හේතු වන්නට ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

 



අදහස් (0)

සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 53,045 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site