IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලන්කන් මගී විවේකාගාරයට නවතම සිනමා අත්දැකීමක්

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපළේ තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලා සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ විවේකාගාරය තුළ දී නවතම සිනමා දර්ශන නැරඹීමේ අවස්ථාව අද (10) සිට උදා කර දී තිබේ.

ඇමෙරිකානු සහ ප්‍රංශ සමාගම් එක්ව හදුන්වා දී ඇති නවතම ස්කයි ලයිට් තාක්ෂණය ඔස්සේ වර්චුවල් රියැලිටි සිනමා අත්දැකීම ගුවන් මගීන්ට ලබා ගත හැකි වේ.

මේ මගින් අති නවීන ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඇලෝ ස්කයි සහ ස්කයි කිඩ්ස් හෙඩ් සෙට් මගින් නවතම චිත්‍රපට ටෙලි නාට්‍ය ටු ඩී සහ ත්‍රී ඩී තාක්ෂණය ඔස්සේ කුඩා දරුවන්ට මෙන්ම වැඩිහිටි ගුවන් මගීන්ටත් නරඹා රස විදිය හැක.

ඉදිරියේදී මෙම පහසුකම් දිගු දුර ගමනාන්ත කරා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ද හඳුන්වා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය බලාපොරොත්තු වෙයි.

මෙම ත්‍රිමාන එච්.ඩී සිනමා රසාස්වාදනය ආසියානු කළාපයට පළමුවෙන්ම හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය රටවල් 48 ක ගමනාන්ත 111 කරා නවීනතම එයා බස් ගුවන් යානා මගින් පියා සැරීම සිදු කරයි.



අදහස් (0)

ශ්‍රී ලන්කන් මගී විවේකාගාරයට නවතම සිනමා අත්දැකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site