(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) කටුනායක ගුවන් තොටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනයේ පැවති සර්ව ආගමික වතාවත් වලින් පසුව එක්විය.
මෙය එයා බස් සමාගම විසින් ජර්මනියේ හැම්බර්ග් කර්මාන්තශාලාව නිෂ්පාදනය කරන ලද A-321neo වර්ගයේ ගුවන් යානයකි.
මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට නවතම නිර්මාණයක් ලෙස සකස් කර තිබේ .
මෙම ගුවන් යානයේ දිග අඩි 146 ක් වන අතර , පියාපත් අතර දිග අඩි117.5 කි. උස අඩි 37.7 කි.
මෙම යානය තුළ ව්‍යාපාරික පන්තියේ මගීන් 12 කට, පිරිමැසුම්දායක පන්තියේ මගීන් 176 කට සහ ගුවන් නියමුවන් දෙදෙනා සමඟ කාර්යය මණ්ඩලයේ 6 දෙනෙකුට ද එකවර ගමන් කළ හැකිය .
මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවරුන් පිරිසක් ජර්මනියේ හැම්බර්ග් නුවරට ගොස් පරීක්ෂා කිරීමෙන් පසුව අලුයම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් යානා අංගනය වෙත රැගෙන විත් තිබිණි .
මෙම ගුවන් යානය පැය 03 ක වැනි කාලයක් ගත වන චීනය , ඩුබායි වැනි කෙටි ගමනාන්ත කරා යෙදවීමට අදහස් කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලන්කන් ගුවන් සේවයට නව ගුවන් යානයක්
වරුසවිතාන Wednesday, 01 August 2018 09:20 AM
යන්න කලින් සුරේන්කාරයා තවත් ගාණකට විදලා..