IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පිරිසක්

(ටී.කේ.ජී.කපිල)
 
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මොවුහු රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි, රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
 
වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව  සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙහිදී අදහස් දැක්වූ සංචාරකයෝ පැවසූහ.
 
මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර තිබේ.
 
ඊට අමතරව සීගිරිය, නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.
 
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ එක්සෝටික් හොලිඩේ ඉන්ටර්නැෂනල් නම් සංචාරක ප්‍රවර්ධන ආයතනය විසින් සංවිධානය කර තිබිණි.



අදහස් (5)

ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පිරිසක්

Sameera New York Wednesday, 01 May 2019 11:12 AM

අපි හැමෝම රුසියාවට ආදරය කරමු.

:       0       320

manoj Thursday, 02 May 2019 05:11 AM

අපි හැමෝම රුස්සියාවට ආදරෙයි එත් එකක් මතක් කරන්න ඕනේ. ඉස්සර ජෙප්පෝ සහ එජාප කාරයෝ මත්තලට නැවක් ආව කියල හිනා වුනා, දැන් සංචාරයෙක් ලංකාවට අව එකත් ලොකු දෙයක් වෙලා.. අපේ රටට වුණ දෙයක්..

:       41       197

උපුල් ආනන්ද Thursday, 02 May 2019 11:53 AM

කොහොමත් ඉතින් මත්තලට නැව් එන්නේ නෑනේ මනෝජ්

:       4       24

ManojSunday, 05 May 2019 07:28 AM

එතන පොඩි වැරද්දක් වුනා, සමාවෙන්න. එත් ඇගිල්ල දික් කරලා හඳ පෙන්නුවම, ඇඟිල්ල දිහා බලන්නේ ගොඩක් අපේ මිනිස්සු..

:       10       75

anuradha melbourne Sunday, 05 May 2019 12:03 PM

මේ ඇවිත් තියෙන්නේ රුසියානු බුද්ධි අංශ නිලධාරීන්. නමුත් ඔවුන් රටට පැමිණෙන්නේ සංචාරකයන් විලසින්. හේතුව ඇමරිකානු අතපෙවීමේ කූට අරමුණ කුමක්දැයි කියා දැනගැනීමේ වුවමනාව නිසා... අපේ රට අගමැතිතුමා විසින් විදේශීය චර පුරුෂයන්ගේ ෂේම භූමියක් කොට අවසානයි... ඇමෙරිකානු විරෝධී අන්තවාදීන්ගේ ප්‍රහාර නිරතුරුවම අත්විඳීමට සියලුම පුරවැසියන්ට සිදුවනු ඇත.

:       86       50

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site