IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව ගුවන් ගමන් අරඹයි

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව යුරෝපය,උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග දක්වා නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 56 ක ගමනාන්ත 127 ක් දක්වා ගුවන් ගමන් මෙහෙයුම් සේවා ව්‍යාප්ත කර තිබේ.

ෆින්ලන්තයේ හෙල්සින්කි, සර්බියාවේ බෙල්ග්‍රේඩ්, හංගේරියාවේ බුඩාපේස්ට්, සයිප්‍රසයේ ලාර්නාකා, පෝලන්තයේ වෝර්සෝ, මොරොක්කෝවේ කැසබ්ලැන්කා, පෘතුගාලයේ ලිස්බන්, ස්වීඩනයේ ගොතන්බර්ග්, බෙල්ජියමේ බ්‍රසල්ස්, ඉතාලියේ වැනීසිය, අසර්බයිජානයේ බාකු, යූක්‍රේනයේ කියෙව්, ජර්මනියේ මියුනිච්, චෙක් ජනරජයේ ප්‍රාග්, අයර්ලන්තයේ ඩබ්ලින්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ මලගා, එක්සත් රාජධානියේ එඩින්බරෝ සහ බර්මින්හැම්, ග්‍රීසියේ ඇතැන්ස් සහ තෙසලෝනිකි, තුර්කියේ අන්කාරා, ඉස්තාන්බුල් (සබීහා), ඇන්ටාලියා සහ ඉස්මීර්, බ්‍රසීලයේ සාඕ පවුලෝ, කැනඩාවේ මොන්ට්‍රියල්, එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී., චිකාගෝ, හූස්ටන් සහ බොස්ටන් යන රටවල ගුවන් තොටුපළ වෙත මෙම නවතම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරේ.

 



අදහස් (9)

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව ගුවන් ගමන් අරඹයි

පිටිගල මිලානෝ Monday, 16 December 2019 05:35 PM

එයාර්ලංකා වන්වර්ල්ඩ් සාමාජිකයෙක් නිසා කෝඩ්ෂෙයාර් පහසුකම යටතේ අනිත් අදාළ ගුවන්සේවා සමග සම්බන්ධ වී මේ රටවල්වලට දැනටමත් යම් ප්‍රමාණයකට ගුවන්බලපත්‍ර නිකුත් කරන්න පුළුවන්. (කටාර්) ගුවන්සේවයද වන්වර්ල්ඩ් සාමාජිකයෙක් නිසා ඉහත පුවත අලුත් දෙයක් නොවේ.

:       0       0

surath Tuesday, 17 December 2019 12:41 AM

දැන් ඔය සේවා ව්‍යාප්තිය ක්‍රමයෙන් සිදු වෙන්නේ

:       8       92

ShafaTuesday, 17 December 2019 04:52 AM

කෝඩ් ෂෙයාරිංග්

:       0       0

lalithm Tuesday, 17 December 2019 06:22 AM

කටාර් එක්ක එකතු වෙලා ශ්‍රී ලන්කන් එකට එන අලුත් ස්ථානවලට යන මගීන් කටාර් ප්ලේන් වල යවන එක නේද මේ කියන්නේ ? පොඩි ගණනක් කපාගත හැකියි. ඒත් වැඩි වාසි ගන්නේ වැඩිපුර ගමනාන්ත වලට යන ගුවන්සේවය. ඒ කියන්නේ කටාර් ගුවන් සේවය. එහෙම නේද?

:       3       84

sirisena Friday, 20 December 2019 08:30 AM

අපිට කෙලින්ම යන්න යොදවන්න ගුවන් යානා නැහැ. අලුත් යානා අවශ්‍ය වෙනවා. පසුගිය යහපාලනයෙන් මේවා ගේන්න සියලු කටයුතු කළත් අපේ ආණ්ඩුව පෙරළුවනේ.. හ්ම්... ඔහොම යං...

:       47       3

Upul Tuesday, 17 December 2019 04:24 PM

වන් වර්ල්ඩ් කියලා කටාර් ගුවන් සේවයත් සමග පහුගිය කාලේදී ක්‍රියාත්මක උනේ මේක නොවේද

:       0       0

pro-lankan Tuesday, 17 December 2019 05:56 PM

කටාර් ගුවන් සේවය වැඩි වාසි ගත්තත් ආරම්භයක් අවශ්‍යයි.. ශ්‍රී ලන්කන් එකට දැනට ඉන්න තත්වයෙන් එළියට එන්න. අඩු ගානේ නොමැරී ඉන්න වත්...

:       0       0

SARA Friday, 20 December 2019 01:44 PM

එ්කත් ඉවරයි...

:       10       1

Thushara Ratnayake Saturday, 21 December 2019 09:53 AM

A350 නූතනයේ වඩාත් ජනප්‍රිය ගුවන් යානයකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site