IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වෙළෙඳ හිඟය පුළුල් වෙයි

පසුගිය වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේදී මේ වසරේ අගෝස්තු මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 856ක් දක්වා පුළුල් වූ බව  මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර කාර්ය සාධනයක් පෙන්නුම් කළ බව ද මහ බැංකුව පවසයි.

අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ඒ බව පැවසු මහ බැංකුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 783ක් වූ වෙළෙඳ හිඟය මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 856ක් දක්වා පුළුල් වූ බව සඳහන් කරයි.

එමෙන්ම මේ වසරේ පළමු මාස අට තුළ සමුච්චිත වෙළෙඳ හිඟය පසුගිය වසරේ මුල් මාස අටේදී වාර්තා වූ ඩොලර් මිලියන 5,515 හා සැසඳීමේදී ඩොලර් මිලියන 6,186ක් දක්වා වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

අපනයන ආදායම වර්ධනය වුවද, ආනයන වියදම ඊට වැඩි වේගයකින් ඉහළ යෑම වෙළෙඳ හිඟය පුළුල් වීමට හේතු වී තිබේ. මේ වසරේ අගෝස්තු මාසයේදී සංචාරක ඉපැයීම් ඉහළ ගොස් තිබෙන අතර පුළුල් වූ වෙළෙඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩුවීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරීත්වය දුර්වල වී තිබේ.

එසේ වුවද විදේශ විනිමිය කාලීන මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි වාරිකය රජය වෙත ලැබීම හා කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම සවිමත් වී තිබේ.

055



අදහස් (0)

වෙළෙඳ හිඟය පුළුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site