ජාත්‍යන්තර කණිෂ්ඨ වෙළඳ මන්ත්‍රණ සභාවේ උප සභාපති ඉන්දියානු ජාතික සෙනටර් බාලූ මහතා අද දිවයිනට පැමිණියේය.
ඔහු පැමිණියේ එහි මෙරට ශාඛාවල වැඩකටයුතු පිළිබඳ සොයාබැලීමටයි.
ජාත්‍යන්තර කණිෂ්ඨ වෙළඳ මන්ත්‍රණ සභාවේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති රුවන් සේනානායක මහතා සහ මීගමුව ශාඛාවේ ලේකම් ශෂිකා පෙරේරා මෙනවිය විසින් මෙරටට පැමිණි උප සභාපති සෙනටර් බාලූ මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී උනුසුමි අන්දමින් පිලිගනු ලැබූහ.
මෙම අවස්ථාවට මීගමුව ශාඛාවේ සභාපති පැතුම් වාස්, ජාතික සංගමයේ ලේකම් සජිත් දි මෙල් යන මහත්වරුන්ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට මොනවා ලියන්නද කියලා මට හිතාගන්න බැහැ. (නි)