මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට තේ කිලෝග්‍රෑමයක් සඳහා වටිනාකම රුපියල් 1,160.56ක් ලෙස සටහන්ව තිබෙන බව සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගම පවසයි. ඒ අනුව මෙය 2024 වසරේ එම කාලසීමාවේදී තේ කිලෝග්‍රෑමයක් වෙත හිමි වූ රුපියල් 1,245.66 ක වටිනාකම හා සැසඳීමේදී රුපියල් 85ක අඩුවීමකි.
එක්සත් ජනපද ඩොලර් වටිනාකම් අනුව බැලූ විට 2024 වසරේදී හිමි කරගෙන ඇති ඩොලර් 4.08ට සාපේක්ෂ මේ වසරේදී තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමිව ඇත්තේ ඩොලර් 3.88 කි. එනම් ඩොලර් ශත 20ක අඩුවීමකි.
සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී සමාගමට අනුව, මෙහිදී ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ උස් වගාබිම් තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,083.91ක (ඩොලර් 3.62ක) වටිනාකමක්ද, මැදි වගා බිම් තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,022.69ක (ඩොලර් 3.42 ක) සහ පහළ වගා බිම් තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,230.94ක (4.12ක) හිමිව තිබේ.
මේ අතර මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට තේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,191.62ක් හිමිව තිබේ.
එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී හිමි වූ රුපියල් 1,207.99 ක අගයට සාපේක්ෂව රුපියල් 16.37ක අඩුවීමකි. එසේම ඩොලර් වටිනාකම් අනුව බැලූ විට 2025 සැප්තැම්බරයේදී ඩොලර් 3.94ක් හිමිව ඇති අතර, එය 2024 සැප්තැම්බරයේදී හිමි වූ ඩොලර් 4.01 ට සාපේක්ෂව ඩොලර් ශත 0.07ක අඩුවීමකි.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
504
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසරේ මුල් මාස 9 දී තේ මිල සුළු වශයෙන් පහළට