IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘විස්තාරා’ගුවන් සේවය කොළඹට ගමන් අරඹයි

ඉන්දියාවේ හොඳම ගුවන් සේවය ලෙස සැලකෙන විස්තාරා ගුවන් සේවය අද (25) සිට ඉන්දියාවේ මුම්බායි නුවර සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම නිවේදනය කරයි. 

ඒ අනුව බදාදා හැර සතියේ අනෙක් සෑම දිනකදීම විස්තාරා ගුවන් සේවය මුම්බායි සිට කොළඹ දක්වා ගුවන් ගමන් ආරම්භ කරයි. 

පිරිමැසුම් පන්තිය (ඉකොනමි), ව්‍යාපාරික පන්තිය සහ ඊට අමරතව ‘ප්‍රිමියම් ඉකොනමි’ යනුවෙන් තවත් ආසන පන්තියක් ද ප්‍රථම වරට හඳුන්වා දී ඇතැයි එම විස්තාරා සමාගම කියයි. 

විස්තාරා සමාගම ඉන්දියාවේ ටාටා සන්ස් සහ සිංගප්පූරු ගුවන් සේවයේ හවුල් ව්‍යාපෘතියකි. 

ශ්‍රී ලංකාවට සමාරම්භක ගුවන් ගමන් අරඹමින් පැමිණෙන පළමු විස්තාරා ගුවන් යානය සහ එහි පැමිණෙන මගීන් පිළිගැනීම සඳහා සාම්ප්‍රදායික නර්තන සහිත උත්සවයක් සහ දේශීය රසකැවිලි සංග්‍රහයක් ද සංවිධානය කර තිබේ. 

055

 



අදහස් (4)

‘විස්තාරා’ගුවන් සේවය කොළඹට ගමන් අරඹයි

upali Monday, 25 November 2019 03:13 PM

දැන් යාපන ජාත්‍යන්තර ගුවන් තොටුපොලට එන යන ගුවන් යානාවල ලේඛන එහෙම තියනවද?

:       14       86

සෙනෙවිරත්න Wednesday, 27 November 2019 06:34 AM

ඇයි මේ සැකය? එහෙම ලේඛන ගත නොවී ලංකා ගුවන් සීමාවෙන් වත් යා නොහැකි බව නොදන්නේද? මෙම යානා ආරම්බක රටේ ගුවන් තොටුපල වගකීම් රහිතව කටයුතු කරාවිද? ගොටාභය මහතාගේ පලමු විදෙස් ගමන ඉන්දියාව බව දැනගන්න.

:       48       39

priyanthaWednesday, 27 November 2019 08:33 AM

සැකය ඇතිකළේ පහුගිය රජය යාපනය ගුවන්තොටුපොළ පටන් ගත් දවස් වල... අලුත් ආණ්ඩුවක් ආපු නිසා දැන් සැක නැතුව ඇති නේද?

:       10       54

IndhikaThursday, 28 November 2019 02:02 AM

පුද්ගලික ගුවන් යානාවලින් කෙලින්ම පැමිණ, වීසා නොමැතිව, නැගෙනහිර ගම්මාන විවෘත කළ අයගේ ලේඛන කොහෙද තියෙන්නේ...?

:       17       545

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site