
පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Sterling Engineering පෞද්ගලික සමාගම Global Business Excellence Awards 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම සූර්ය බල ශක්ති සේවා සපයන්නා ලෙස සම්මාන ලැබුවේය. නවීන සහ උසස් තත්වයේ පුනර්ජනනීය බල ශක්ති විසඳුම් සපයන එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබේ.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අනුමැතිය සහිත Sterling Engineering පුළුල් පරාසයක සේවා සපයයි. පද්ධති නිර්මාණය, ව්‍යාපෘති ශක්‍යතා විශ්ලේෂණ, ඉංජිනේරු ප්‍රසම්පාදන, ඉදි කිරීම් ඒ අතර ප්‍රධාන වේ. අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සපයන Sterling Engineering අධීක්ෂණ සහ ඇගැයීම් සේවාද සපයයි.
Grid-tied සහ Off-grid දෙවර්ගයටම අයත් සූර්ය බල ශක්ති පද්ධති ස්ථාපනය කරන එම සමාගම දෙමුහුන් සූර්ය බැටරි ගබඩා විසඳුම්ද හඳුන්වා දී තිබේ. සුහුරු බල ශක්ති කළමනාකරණ වේදිකා සහ අධිවේගී ප්‍රතිචාර නඩත්තු පද්ධති සමඟ උසස් කාර්යක්ෂමතාවකින් යුතු සූර්ය බල ශක්ති පද්ධති ඒකාබද්ධ කිරීමෙන් බල ශක්ති උත්පාදන ධාරිතාව ඉහළ නංවන Sterling Engineering නේවාසික, වාණිජ, කාර්මික වැනි සෑම ක්ෂේත්‍රයකම සූර්ය බල ශක්ති පද්ධති සඳහා විශ්වාසනීය ක්‍රියාකාරිත්වයක් සහතික කරයි. වාණිජමය ව්‍යාපෘතිවලට අමතරව එම සමාගම ග්‍රාමීය ප්‍රජාව සමඟ එක් වී පාසල්, ප්‍රජා ශාලා සහ සෞඛ්‍ය සායන වැනි පොදු ස්ථාන සඳහා සූර්ය බල ශක්ති විසඳුම් සැපැයීමේ වැඩසටහන් රැසක්ද අරඹා ඇත. සෑම ප්‍රජාවකටම විදුලි බල ප්‍රවේශය තහවුරු කිරීම, පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට දායක වීම, ජාතික තිරසාරත්ව ඉලක්ක ළඟා කර ගැනීමට සහාය වීම Sterling Engineering සමාගමේ ප්‍රධාන අරමුණු වේ.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විශිෂ්ටම සූර්ය බලශක්ති සේවා සපයන්නා Sterling Engineering