IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


වැවිලි සමාගම්වල කොටස් ඉල්ලුම අඩුවිය හැකි කාලයක්

වැවිලි අංශවලට බලපෑමක් ඇති කළ හැකි පරිදි ඉදිරියට එන වැටුප් වැඩිකිරීමේ යෝජනා කොටස් වෙළෙඳපොළ සඳහා බලපාන ආකාරය ගැන අවධානයක් අවශ්‍යය. කොටගල වැවිලි සමාගමේ කොටස් හිමියන්ට ලබාගත හැකි වූ කොටස් සඳහා ඉල්ලුම අඩුවීම මෙහි දී නිරීක්ෂණය කළ හැකිය. වැවිලි සමාගම්වල කම්කරුවන්ගේ වැටුප් වැඩි කළහොත් වසරකට රුපියල් බිලියන දහයක පමණ පිරිවැයක් උහුලන්නට සිදුවන බව වතු හාම්පුතුන් කලින් අනතුරු අඟවා තිබුණි.

දිනයේ ගනුදෙනුවල දී ඇල්පිටිය, නමුනුකුල, අගලවත්ත, ආගරපතන, උඩුපුස්සැල්ලාව, මඩොල්සිය ඇතුළු වැවිලි සමාගම්වල කොටස් සඳහා වර්ධනයක් හා තියුණු ඉල්ලුමක් නිරීක්ෂණය කළ නොහැකි විය. 

ඊයේ (සැප්. 13) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,321.08 ක් දක්වා ඉහළ ගියේය. ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 2.36 ක සුළු වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,207.37 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 18.66 ක පහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 5.68 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,891 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 507.4 ක් විය. සමාගම් 126 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන ද 126 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 60.3 ක විය.

විදේශ මිල දී ගැනීම් සුළු පිබිදීමක් සනිටුහන් කළේය. මිල දී ගැනීම් රු. මිලියන 425 ක් වූ අතර විකිණීම් රු. මිලියන 375 කි. රටට ලැබුණ ශුද්ධ විනිමය ප්‍රමාණය රු. 45 කි. දිනයේ ගනුදෙනු ආරම්භයේ දී දර්ශක බිඳ වැටීමක් සිදු වූ අතර පසුව එය ආවරණය කරගත හැකි විය. දේශීය හා විදේශීය මිල දී ගැනීම් තිබිය දී පවා වෙළෙඳපොළ කැපී පෙනෙන තැනකට පැමිණියේ නැත. මේ වනවිට පවතින ස්ථාවරබාවය ආරක්ෂා කරගැනීමට ආයෝජන අංශ වෑයම් කරන බව පැහැදිලිය.

ප්‍රවාහන, ප්‍රාග්ධන භාණ්ඩ, වාණිජ සේවා, සිල්ලර වෙළෙඳාම, ගෘහ මෙවලම් සහ රක්ෂණ අංශවල සමාගම් යන ක්ෂේත්‍ර පිරිහීමක් පෙන්නුම් කළේය. සන්නිවේදන, මෘදුකාංග සේවා, සෞඛ්‍ය හා සත්කාරක, ආහාර පාන, රථ වාහන සහ බලශක්ති ක්ෂේත්‍ර පිබිදීමක පසුවිය.

ගෙස්ටෙට්නර් සිලෝන් රු. මිලියන 374 ක්, සිලෝන් ලෑන්ඩ් ඇන්ඩ් ඉක්විටි එන්සී රු. මිලියන 338 ක්, සිලෝන් ලෑන්ඩ් ඇන්ඩ් ඉක්විටි එන් රු. මිලියන 181 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 175 ක් සම්පත් බැංකුව රු. මිලියන 121 ක්, කාසන් කම්බැච් රු. මිලියන 107 ක් සහ ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් රු. මිලියන 107 ක් වශයෙන් වැඩිම පිරිවැටුමක ක්‍රියාකාරීත්වයක් දැක්විය. 

නිරීක්ෂක 

 



අදහස් (0)

වැවිලි සමාගම්වල කොටස් ඉල්ලුම අඩුවිය හැකි කාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site