|
අනුර ප්‍රනාන්දු
|
මනිල් ජයසිංහ
|
රොමානි පරාක්‍රම
|
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන වැලිබල් වන් පීඑල්සී සමාගම වෙත නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු පත් කර ගත් බව එම සමාගම නිවේදනය කරයි.
ඒ අනුව මනිල් ජයසිංහ, අනුර ප්‍රනාන්දු, රොමානි පරාක්‍රම සහ කමනි වීරසිංහ යන මහත්ම මහත්මීන් මෙලෙස පත් කරගෙන තිබේ.
මෙහිදී පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සිව්දෙනා ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් කර ගත් බව සමාගම පවසයි.
මේ අතරින් මනිල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරයකුද වෙයි. වසර 41කට අධික කාලයක් පුරා උපදේශකයකු සහ කර්මාන්තයේ ප්‍රවීණයකු ලෙස ඒ මහතා කටයුතු කරයි. එසේම ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක්ද වෙයි.
අනුර ප්‍රනාන්දු මහතා මීට පෙර සේබෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ් සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
රොමානි පරාක්‍රම මහත්මිය 2017 වසරේ සිට මේ දක්වා ඇසෙට්ලයින් කෝපරේට් සර්විසස් (පෞද්.) සමාගම, ඇසෙට්ලයින් කැපිටල් (පෞද්.) සමාගම යන සමාගම්හි සභාපතිනිය ලෙස කටයුතු කරයි.
කමනි වීරසිංහ මහත්මිය ජ්‍යෙෂ්ඨ මූල්‍ය වෘත්තිකයකු ලෙස වසර 30කට අධික කාලයක අත්දැකීම් සහිතය. ඇය අවසන්වරට ජෝන් කීල්ස් සමූහයෙහි සේවය කළාය.
මෙම නව පත් කිරීම් හතරත් සමගින් වැලිබල් වන් පීඑල්සී සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ධම්මික පෙරේරා (සභාපති), හර්ෂ අමරසේකර (සම සභාපති), වයි. භාස්කරන්, සුමිත් ආදිහෙට්ටි, කේ. අමරසිංහ, කේ.ඒ.ඩී.බී. පෙරේරා, මනිල් ජයසිංහ, අනුර ප්‍රනාන්දු, රොමනි පරාක්‍රම සහ කමනි වීරසිංහ යන පිරිසගෙන් සමන්විත වෙයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිබල් වන් සමාගමට නව අධ්‍යක්ෂවරු