IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වාරි ව්‍යාපෘති ආශ්‍රිතව විශේෂ සංචාරක කලාප

විනීතා එම් ගමගේ
 
වාරි ව්‍යාපෘති ආශ්‍රිතව විශේෂ සංචාරක කලාප පිහිටුවීමට    වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය තීරණය කොට ඇත. 
 
එහි නියාමන ව්‍යාපෘති ලෙස තබ්බෝව ජලාශය හා පොල්පිතිගම හක්වටුනාඔය යන ජලාශ ආශ්‍රිතව සංචාරක  කළාප පිහිටුවන  බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
 
වී අස්වැන්න නෙලීම වසරකට දෙවරක් පමණක් සිදු වන බැවින් ජනාතාවට ආදායම් ලැබෙන තවත් ව්‍යාපෘති වෙත අවතීර්ණ වීමට අවස්ථාව උදා කළ යුතු බැවින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.  
 
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රධාන වාරි ව්‍යාපෘතිය වන්නේ හක්වටුනා ඔය ව්‍යාපාරයයි. හක්වටුනා ඔය වැවේ සමස්ථ ජලධාරිතාව අක්කර අඩි 19727 කි. මෙම ව්‍යාපාරයෙන් යැපෙන සමස්ථ ජනගහනය 25000 ක් ලෙස ගණන් බලා තිබේ. මෙම ජලාශයෙන් විහිදී යන ඇල මාර්ග දෙකකි. එමගින් ජලය සැපයෙන ගොවි බිම් ප්‍රමාණය අක්කර 6500 කි. ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන ගණන 13 කි. 
ඉතිහාසයට අනුව හතරවන මහසෙන් රජු විසින් දැදුරුඔය නිම්නය උපයෝගී කර ගනිමින් හක්වටුනාඔය වැව ඉදිකරන ලද බව සඳහන් වෙයි. කෙසේ වෙතත් මෑත කාලය වන විට එම වාරි ව්‍යාපෘතිය අඩපණ වී ඇත්තේ කිසිදු ප්‍රතිසංස්කරණයකට භාජනය නොවීම නිසාවෙනි. මේ හේතුවෙන් කුඹුරු වගාව අතහැර දැමීමත් ගොවි ජනතාව වඩාත් පීඩාවට පත්වීමත් වැනි අයහපත් තත්ත්වයන් ඇති වී තිබිණ. 

කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත් වීමත් සමග මෙම වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සම්පාදනය කෙරිණ. ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන 540 ක මුදලක් යොදමින් එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 
 
වාරි ව්‍යාපෘති ආශ්‍රිතව සංචාරක කලාප ඇති කිරීමේ ක්‍රියාවලියට මූලිකත්වය ලබා දෙන්නේ ගමේ මුදල් පිටතට යනවා සේම ගමටද මුදල් ඇදී එන ක්‍රමවේද සකස් කළ යුතු බැවින් යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා  නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අනෙකුත් වාරි ව්‍යාපෘති ආශ්‍රිතවද සංචාරක පාරාදීස ඇති කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවැසීය.



අදහස් (3)

වාරි ව්‍යාපෘති ආශ්‍රිතව විශේෂ සංචාරක කලාප

Sathyayaa Sunday, 29 October 2017 11:26 PM

අදහස ඉතාමත් හොඳයි. හැබැයි "යහපාලනේ" වැඩි දෙනෙක් "කතාව නම් දෝලාවෙන් - යන්න වෙන්නේ කකුල් දෙකෙන්" ධර්මතාවයට අහුවෙලයි ඉන්නේ. පුළුවන් නම් කරලා පෙන්වන්න!

:       0       14

සෙනෙවි Tuesday, 31 October 2017 12:57 PM

බලවත් මහජන විරෝධතා හමුවේ හකුලාගත් ජල සම්පත් විදේශිකයන්ට විකිණීමට පහුගිය කාලෙ ගෙනා පණත් ,වැව් වලට සී ප්ලේන් බස්සන්න කල සැලසුම් නැවත එන්න වගේ . වැව් රක්ෂිත වල හෝටල් හදාගෙන වැව් විනාශ කරනවා .මෙම උත්සාහයන් නැවතත් පරාජය කල යුතුයි

:       12       611

Asela Saturday, 04 November 2017 10:48 PM

මේවා පටන් ගන්න යන්නේ රැකියා දෙන්න නෙමෙයි, දේසපාලුවන්ගේ අයට සන්තෝසම් දෙන්න,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site