භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩිෆෝර්ස් පීඑල්සී සමාගම සේෆ් පවර් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගමේ සියයට 51ක හිමිකාරිත්වයක් අත්පත් කරගත් බව පවසයි. පසුගිය ඔක්තෝබර් 03 වැනිදා මෙම ගනුදෙනුව සිදුව තිබේ.
එම සමාගමේ ඉතිරි සියයට 49 Arinma Power (Pvt) Ltd සමාගම සතුව පවතී. එයArinma Holdings සමූහයට අයත් සමාගමකි. එම සමාගම යටතේ මේ වනවිට තවත් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙයි.
මෙම සේෆ් පවර් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම පුත්තලම දිස්ත්‍රික්කයේ අලන්කුඩාහි මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන් ස්ථාපිත කරවූවකි. එම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 4.2 ක් වෙයි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම අදාළ ව්‍යාපෘතිය වෙත 75:25 ක ණය සහ කොටස් අනුපාතය යටතේ අරමුදල් සැපයෙනු ඇති බවත් වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම වැඩිදුරටත් පවසයි.
මෙම Arinma Holdings සමූහය යටතේ මේ වනවිට ත්‍රිකුණාමලය, හම්බන්තොට තවත් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙයි.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
504
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වින්ඩ්ෆෝර්ස් 10MW සුළං විදුලි ව්‍යාපෘති සමාගමක සියයට 51 ක් අත්පත් කරගනී