ආයෝජන සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු යටතේ පැවැති අක්‍රමවත්භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නව නීති සකස් කරමින් සිටිනවා
විදේශ ආයෝජන ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක්
අංජුල මහික වීරරත්න
වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකා ව්‍යාපාරික නියෝජිතයන් පිරිසක් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මේ වන විට ආයෝජන සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු යටතේ පැවැති අක්‍රමවත් භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නව නීති සකස් කරමින් සිටින බවත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන බවත්, ඒ වෙනුවෙන් ආයෝජන ආරක්ෂාව තහවුරු කිරීම, ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ පහසුකම් සැපයීම රජය විසින් සිදු කරනු ලබන බවත්, ආයෝජන ආරක්ෂණ පනත ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙරට ආයෝජන පරිසරය ශක්තිමත් කිරීමට ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කර ජාතික සමගිය ගොඩනැගීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පාරදෘශ්‍ය අයුරින් පවත්වා ගැනීම සහ ඩිජිටල්කරණය මගින් තාක්ෂණික බාධා ජය ගැනීම යනාදී අරමුණු ළඟා කර ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකානු නියෝජිත පිරිස හමුවේ වැඩිදුරටත් පැවසීය.
Crow Holdings සභාපති හාර්ලන් ක්‍රෝ (Harlan Crow), ඇමරිකා එක්සත් ජනපද - ඉන්දියානු සබඳතා සහ M&A ව්‍යාපාර ප්‍රධානී ක්‍රිෂ්ණා බාලම් (Krishna Balam), Hudson Institute සභාපති සාරා ස්ටර්න් (Sarah Stern), Eagle Capital Management නිර්මාතෘ සහ සම - ප්‍රධාන ආයෝජන නිලධාරී රැවෙනල් බී.කරි (Ravenel B. Curry), Billingsley, Billingsley හ සමාගමෙහි සම නිර්මාතෘ ලුසී බෙලින්ග්ස්ලි (Lucy Bellingsly), SMU Trustee හි ප්‍රජා නායක (Katherine Crow) සහHudson Institute සාමාජික වෝල්ටර් රසල් මෙඩ් (Walter Russell Mead) යන මහත්ම මහත්මීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදෙස් ආයෝජනවල සුරක්ෂිතභාවය තහවුරු කරලා - ජනපති