විමුක්ති එස් රුද්‍රිගු
රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 548.1 මුදලක් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට ඒවා ඇති අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 15.1 ක වැඩි වීමකි.
රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 476.2 ක මුදලක් මෙරටට ඒවා තිබිණි. ඒ සමග මෙම වසරේ ජනවාරි සහා පෙබරවාරි යන මාස 2 ක තුළදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,121.1 ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 16.3 ඉහළ යාමකි.
පසුගිය වසරේ පළමු මාස 2 ක තුළදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 963.7 කි. මෙම වසරේදී ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතියට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් බැංකු හරහා මෙරටට මුදල් එවීමට පෙළඹීම ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. වාර්තාගත පිරිසක් විදේශ රැකියා සඳහා මෙරට හැර යාමෙන් පසුව පසුගිය වසර පුරාවට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එය වසර හයකට පසුව වාර්තා කළ වැඩිම අගයද විය.
එසේම එය පසුගිය වසර සාපේක්ෂව සියයට 10 ක ඉහළ යාමකි. 2023 වසරේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට ආසන්න මුදලක් ඒවා තිබිණි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය ආදායම් උපයන මාර්ගයක් වන්නේද විදේශ ප්‍රේෂණය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදේශගත ලාංකිකයෝ පෙබරවාරියේ ඩොලර් මිලියන 548.1ක් එවලා