IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විද්‍යාත්මක වීදුරු උපකරණ නිපදවීමෙන් කැලණි සරසවිය තවත් ඉදිරියට

(විනීතා එම්. ගමගේ)

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ වීදුරු භාණ්ඩ නිෂ්පාදන පාඨමාලාව  හැදෑරීමට උනන්දු දරුවන්ට එම මධ්‍යස්ථානය විවෘතව ඇත.

විද්‍යාගාරයන්හි නිතර භාවිත වන වීදුරු භාණ්ඩ, පර්යේෂණ සඳහා අවශ්‍ය විශේෂිත මාදිලියේ විද්‍යාත්මක වීදුරු උපකරණ හා විසිතුරු වීදුරු භාණ්ඩ දැනටමත් මෙහි නිපදවන බව විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මහාචාර්ය චන්දිමා ජයසූරිය මහත්මිය පැවසුවාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (2) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඇය මෙසේ ප‍්‍රකාශ කළාය.

මෙම මධ්‍යස්ථානය පුළුල් කර නව නිර්මාණ බිහිකරන්නටත් මේ කේෂ්ත‍්‍රය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ කටයුතු පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර දැනටමත් දින 5 කඩිනම් පාඨමාලාවක් හා දින 30 ක පුළුල් පාඨමාලාවක් පැවැත්වේ.  

මේ වනවිට එහි පුහුණු සේවකයන් දෙදෙනෙකු සේවය කරන අතර ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ හය මසක පුහුණුවක් ලබා ඇත.  

ඉදිරි වසර පහේ දී ජාත්‍යන්තර මට්ටමේ මධ්‍යස්ථානයක් බවට මෙම මධ්‍යස්ථානය පත් කිරීම තම අරමුණ බවත් ඒ සඳහා සියලු අංශවල සහය ලැබෙන්නේ නම් කිසිසේත්ම එය අමාරු කටයුත්තක් නොවනු ඇතැයි පැවසූ ඇය මෙම ව්‍යාපාරය රට පුරා ප‍්‍රචලිත කිරීමට ද හැකිවන බව පෙන්වා දුන්නාය.

1990 දී ආරම්භ කළ මෙම මධ්‍යස්ථානය 1999 දී විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මගින් ආරම්භ කරනු ලැබූ ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතීය මගින් ලැබුණු අරමුදල් ඉතාමත් දියුණු උපකරණ සහිත මධ්‍යස්ථානයක් බවට පත් කරගනු ලැබු බව පෙන්වා දුන් ඇය මේ වනවිට එහි සේවය කරන නිලධාරීන් දෙදෙනාම විදේශ පුහුණුව ලැබුවන් බව පෙන්වා දුන්නාය.

වීදුරු භාණ්ඩ නිෂ්පාදනය හැරුණු විට මිල අධික කැඩුණු වීදුරු භාණ්ඩ අලුත්වැඩියා කිරීමට එහි කටයුතු කරන බවත් බියුරෙට්ටු , පිපෙට්ටු, කන්ඩෙන්සර, ඉලෙක්ට්‍රෝඩ, නිස්සාරණ උපකරණ වැනි දෑ ද සංකීර්ණ වීදුරු උපකරණ ද මෙහිදී අලුත්වැඩියා කරන බව ජයසූරිය මහත්මිය පැවසුවාය.

මෙම මධ්‍යස්ථානයේ පුහුණුව ලැබීමට හෝ එමගින් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය අයකුට විද්‍යාත්මක වීදුරු උපකරණ නිර්මාණ මධ්‍යස්ථානයේ 0112903265 හෝ 0714311286 දුරකථන අංකවලින් හෝ [email protected]  යන  විද්‍යුත් ලිපිනයෙන් හෝ මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.     

                                 



අදහස් (3)

විද්‍යාත්මක වීදුරු උපකරණ නිපදවීමෙන් කැලණි සරසවිය තවත් ඉදිරියට

ආරියපාල හේවගේ Wednesday, 03 July 2019 08:24 AM

ඉතාමත් වටිනා ආර්ථික සේවාවකි. අපගේ රටේ ආර්ථික නිෂ්පාදන වැඩිකර ගැනීම සදහා සහ ඒ සදහා මහගු මග පෙන්වීමක් සිදු කරන කැලණි සරසවිය මුලිකත්වය ගෙන කටයුතු කරන සියළු දෙනා හට සුභ පැතුම්.!

:       0       98

lalithm Thursday, 04 July 2019 03:25 AM

තව ව්‍යාප්ත කර පුහුණු පාඨමාලාව ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ මොකද? හොඳට සල්ලි හොයන්න පුළුවන් මාර්ගයක් නේද?

:       0       38

janahitha Friday, 05 July 2019 07:25 AM

එස් 400 නිපදවන්න බලන්න අපේ අයට ඕන සල්ලි දැනුම නොවේ

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 92 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site