(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාකච්ඡාවකදී පැවැසීය.
රේගුවේ වර්ගීකරණ කමිටුවේ අත්තනෝමතික තීරණයන් මත වැගන් ආර් හයිබ්‍රිඩ් රථ ලෙස නොව පෙට්‍රල් වාහන ලෙස නිෂ්කාෂණය කිරීම මීට හේතු වී ඇතැයිද ඒ මහතා කීය.
රුපියල් ලක්ෂ 33කට අලෙවි වන මෙම රථයක් රේගුවේ තීරණයෙන් ලක්ෂ 35කට අලෙවි කිරීමට සිදුවන බවද මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවද සඳහන් කළේය.
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වැගන් ආර් ගෙන්වීම නවතී
jayasekara Thursday, 28 March 2019 03:47 AM
ඉවසන්න... තවත් ඉවසන්න... මොකද වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව... කමින්ග් සුන්...
Sapumal. Thursday, 28 March 2019 06:07 AM
සත්‍ය වශයෙන්ම මේ රටේ වැඩිපුර අලෙවි වූ මෙම රථ වලට තවත් බද්දක් ඇතිකිරීමට තමයි රේගුව මේ පියවර ගත්තේ. ජනතාවගේ රුධිරය අනියම් ආකාරයකට බීමක් තමයි මේ රේගුව බොහෝවිට කරන්නේ. මේ බදු කුමන රජයෙන් කලත් මේ රුධිරය බොන්නන්ට එරෙහිව ජනතාව පෙළ ගැසිය යුතුයි.
AsankaThursday, 28 March 2019 06:31 AM
කතාව ඇත්ත නමුත් මේ රටේ ජනතාවනම් කවදාවත් පෙළ ගැහෙන්නේ නැහැ , ගැහෙන්නේ පක්ෂ පාටට විතරයි , ඔන්න වෙන රටක ජනතාවක්නම් අසාධාරණයට මේ තරම් ඉඩ දෙන්නේ නැහැ , ආණ්ඩු පෙරලයි
jayath Thursday, 28 March 2019 10:00 AM
මොස්තර නිර්මාණ කරුවෝ අය - වැය හදන්න දමල -හරියට සපතෙරුවට කියල ඇඳුම් මස්සවන්න ගියා වගේ . ඒ උනාට මේ රටේ ඉන්න බත් කන හරක් ලබන සැරෙත් මුන් ටිකම දියවන්නාවට යවයි !
වීර Thursday, 28 March 2019 10:20 AM
ශ්‍රී ලංකාවේ දැනට තිබෙන වාහන ප්‍රමාණයත් හොදටම වැඩි. තව වාහන මොකටද ගෙන්වන්නේ. කාර් සෙල් වල තියෙන වාහන ගොඩත් පාරට ආවම මිනිස්සුන්ට පොළව යටින් හරි පොලව යටට හරි තමයි යන්න වෙන්නේ. සේරමට කලින් ත්‍රීවීල් ටික වෙන රටකට පටවන්න සැලසුමක් හදන්න. රට ගැන හිතනවානම්.
vipulaTuesday, 02 April 2019 07:16 AM
අපේ රටේ සමහරක් කුහකයෝ ඉන්නවා තමන් මෝටර් රථයක් ගත්ත වෙලේ ඉදල රටේ වාහන වැඩී කිය කිය ඉන්නවා. රටේ වාහන වැඩි නම් වාහන ගන්නේ නැතුව ඉන්න. වාහන ගන්න අයට ඉරිසියා කරන්න එපා .
Mudali Thursday, 28 March 2019 03:16 PM
පාරෙ යන්න බැහැ ඉවක් බවක් නැතුව එහාට මෙහාට කඩාගෙන දුවන වාහන…. හරිම කරදරයක් . අනතුරුත් වැඩියි… වායු දූෂණ ශබ්ද දූෂණ මම නම් කැමතියි, සියලුම වර්ගයේ වාහන ගෙන්වීම අවුරුදු කීපයකට නතර කරනවානම්. සත්තෙන්ම...
දිලුම් Friday, 29 March 2019 04:25 AM
මුදලි ඉස්සරලම ඔබ වාහනයක් පාවිච්චි කරනවාද නැද්ද කියන්න. ඔබ වාහනයක් පාවිච්චි කරනවානම් මේ වගේ මෝඩ කමෙන්ට් දාන්න කලින් ලංකාවේ පොදු ප්‍රවාහන සේවය පාව්ච්චි කර බලන්න. එතකොට තේරෙයි ඇයි මින්ස්සු තමන්ගේම කියල වාහනයක් ගන්න මේ තරම් පොර කන්නේ කියල. හදිසියකට වෙලාවට ගමනක් බිමනක් යන්න කවදාවත් ලැබෙන්නෙ නෑ. අනික මේ බස්වල කොන්දොස්තර හා රියදුරු මිනිස්සුන්ගේ කාලය හිතාමතා විනාස කරන හැටි දැක්කාම තවත් ලේ පයින්ට් ටිකක් පිච්චෙනවා. අන්තිමට බස්එකෙන් බහින්නේ පෙෂර් හදාගෙන. ඔබලා මෙතන කමෙන්ට් කොටනවා මාර්ග තදබදය ගැන කියවමින්. ඇයි මිනිසුන්ගේ පැත්ත ගැන හිනත්ත බැරි. මේකට විසදුම මේ රටේ යටිතල පහසුකම් හා රියදුරන්ගේ විනය හැදිම හා හයිබ්‍රිඩ් වැනි පරිසර දූෂණය අඩු වාහන දිරිගැන්වීම මිසක් ඒවාට බදුගසා මිනිසුන්ගේ ලේ උරා බීම නෙමෙයි.
AmalFriday, 29 March 2019 08:47 AM
තවත් වාහන ගෙන්න එපා. රටේ වාහන වැඩි කියන මරි මෝඩයින්ට කියන්න තියෙන්නේ... බලපල්ලා වෙනත් දියුණු රටක් දිහා, කොපමණ වාහන තියනවද එක පවුලකට, පවුලේ හැමෝටම එක බැගින් තියනවා. නමුත් අවශ්‍ය තරම් යටිතල පහසුකම් හදාල තියනවා රටේ බදු මුදල් වලින්.... වාහනත් ගණන් අඩුයි... අපිට වඩා 200% කින්... රටේ වාහන කොච්චර තිබ්බත් මේ ලියන මටත් වාහනයක් නැහැ. ගන්න පෙරුම් පුරනවා වසර ගාණක් රටේ කොච්චර වාහන තියේද කියන එක මට වැඩක් නැහැ.
DhammikaSaturday, 30 March 2019 07:48 AM
ඔබ හරි. මටත් වාහනයක් නැහැ. රටේ වාහන වැඩියි නම් ඔය කවුරු හරි මට තමන්ගේ වාහනේ දෙනවද මගේ ගමන් ටික යා ගන්න. මම 1ක් නොගෙන ඉන්නම්. පාරේදී දැක්කොත් මාවත් දාගෙන යන්න.. නිකන් ගොබ්බ කතා කියන්න එපා මිනිසුනේ.. ඉඳගන්න කොට පරිස්සමින්... ඔයාලා වගේ කුහකයින්ගේ මොලේට හානි වෙයි.
ajithMonday, 01 April 2019 10:47 AM
අමල් ගේ අදහසට මමත් එකඟය. රටේ වාහන වැඩි වෙන එකකට පිළියම සාමාන්‍ය ජනතාවට වාහනයක් ගන්නන බැරි ගානට බදු වැඩිකරන එක නෙවෙයි. ඒක බදු ගෙවන ජනතාවට ලොකු පීඩනයක්. ඒවගේම ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක බාවය හරිම පහලයි. දේශපාලකයෝ හැමදෙයකින්ම සූරකාල ජනතාවට බර පටවන ඒක හරිම අසික්කිත වැඩක්. ජනතාව පක්ෂ පාට අත ඇරලා මේවට විරුද්ද වෙනකන් මේක නවතින්නේ නෑ. ඕනෑම පක්ෂයක් බලයට පත් උනාම කරන්නේ මේ දේම තමයි.
naliya Sunday, 31 March 2019 12:29 PM
හොඳ වැඩක්... වාහන හොඳටම වැඩියි දැනටමත්...
NuwanMonday, 01 April 2019 10:48 AM
ඇයි ඔබේ ඇඟ දිගේ යනවද වාහන....
jayasekaraTuesday, 02 April 2019 04:13 AM
අනේ එතකොට... පන්චවිද ප්‍රතිපත්තියේ පොරොන්දු උන "පුංචි කාර් සිහිනය"?
ranjith athukorala Monday, 01 April 2019 10:25 AM
මේවා රත්තරන් වලින් හදලා ගේනවද? මේ තරම් විශාල මුදල් ගෙවන්නේ වෙන රටවල හැටියට අහස උසට හැමදේටම මේ රටේ ඉපදුන වරදටද මොවුන් මෙහෙම කරන්නේ..?