IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ලුසිල් විජේවර්ධන තේ මණ්ඩලයේ සභාපති ධූරයට

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු සහ තේ කර්මාන්තයේ ප්‍රවීණයකු වන ලුසිල් විජේවර්ධන මහතා නැවත වරක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධූරයට පත් කර ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් විජේවර්ධන මහතාට එම තනතුරට අදාළ ලිපිය බත්තරමුල්ලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (21) පිරිනමනු ලැබිණ. 

පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදාට පෙර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ධුරය හෙබවූයේ ද ලුසිල් විජේවර්ධන මහතාය. 

විජේවර්ධන මහතා සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් ලිමිටඞ් සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර අනුග හෝල්ඩින්ග්ස් ලිමිටඞ් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කටයුතු කළේය.

රෙජන්සි ටීස් ලිමිටඞ් සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරයා වන්නේ ද විජේවර්ධන මහතාය. 

විජේවර්ධන මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයකු වන අතර හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ  ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. 

විජේවර්ධන මහතා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණය කිරීමේ කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. 

055

 



අදහස් (0)

ලුසිල් විජේවර්ධන තේ මණ්ඩලයේ සභාපති ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site