IMG-LOGO

2024 පෙබරවාරි මස 21 වන බදාදා


ලංකා පොහොර සමාගමට - මිල්කෝ සමාගමට නව සභාපතිවරු පත් කෙරේ

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ ආයතනයට නව සභාපතිවරුන් පත් කර තිබේ.
 
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබේ.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිධාරියෙකු වන ජයකොඩි මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.ශ්‍රී ලංකා රේගුවේ වසර 39 ක සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා ජාතික පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් ද සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද මීට පෙර කටයුතු කර ඇත. 
 
 ලංකා පොහොර සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජෙරම් සමරතුංග මහතා පත් කර ඇත
 
ජෙරම් සමරතුංග මහතා සමෘද්ධි මූල්‍ය බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයෙහි සහ සමූපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ උපදේශකයෙකු වශයෙන් මීට පෙර කටයුතු කර ඇත. ප්‍රමුඛ පුද්ගලික ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ද ජෙරම් මහතා කටයුතු කරනු ලබයි
 

සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සමාගමේ 2015 -2018 දක්වා සභාපතිවරයා ලෙස කටයුතු කළ කීර්ති මිහිරිපැන්න මහතා පත් කර ඇත. ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකි.
 
මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත් කර  ඇති අතර ඔහු මිල්කෝ සමාගමේ මෙන්ම සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමෘද්ධි මූල්‍ය මණ්ඩලය නියෝජනය කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇත.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා මෙම පත්වීම් ප්‍රදානය සිදු

කළේය.

(36698)

 



අදහස් (0)

ලංකා පොහොර සමාගමට - මිල්කෝ සමාගමට නව සභාපතිවරු පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

Atlas වෙතින් නතර නොවී ලොව දිනන්න
2024 පෙබරවාරි මස 20 48 0

සතුටින් ඉගෙන ගනිමින් තමන්ගේ සිහින ළඟා කර ගැනීමට අවශ්‍ය යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට කැපවන Atlasව්‍යාපාරකරණයෙන් එහා ගිය සමාජීය මෙහෙවරකින් පරි


සම්මාන රැසක් දිනාගනිමින් Alumex ජයග්‍රාහි වසරක් අවසන් කරයි
2024 පෙබරවාරි මස 19 39 0

Alumexසමාගම සම්මාන 14කට අධික ගණනක් දිනා ගනිමින් 2023 වසර අතිසාර්ථක අන්දමින් අවසන් කළ අතර එම ජයග්‍රහණයන් ඔස්සේ මෙරට අපනයන ක්ෂේත්‍රය කෙරෙහි මෙන්ම එහි තිරසාරභා


ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් රැසක් බිහි කළ SLIBA 36 වැනි වාර්ෂික සම්මේලනය පවත්වයි
2024 පෙබරවාරි මස 06 158 0

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ඇසෝසියේෂන් (SLIBA) එහි 36වැනි වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndham හිදී පසුගිය දා පවත්වන ලදී.


ෆස්ට් කැපිටල්-HNB එකතුවෙන් ඒකක භාර ආයෝජකයන්ට ඩිජිටල්ක්‍රමවේදයක්
2024 පෙබරවාරි මස 02 157 0

මෙම ක්‍රමවේදයේ ආරක්ෂාව හා විනිවිදභාවය තහවුරු කිරීම සඳහා භාරකාරසේවාව ලබාගැනීමට ෆස්ට් කැපිටල් සමාගම HNB සමග අත්වැල් බැඳගැනීමට කටයුතුකර තිබේ. මෙම නව අරම


භාවිතා කළ වාහනවලට වැට් ගැසීමෙන් කළුකඩ වෙළඳපොළක්
2024 ජනවාරි මස 31 381 0

භාවිතා කළ රථ වාහන සඳහා අලුතෙන් පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT) හේතුවන් කළු කඩ වෙළඳ පොළක් නිර්මාණය වීමත් සමඟ වාහනවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයිසිලෝන් මෝටර්


ෂෙරටන් කලම්බෝ විවෘත වේ
2024 ජනවාරි මස 29 423 0

අද්විතීය සන්නාම 30කට අධික සංඛ්‍යාවකින් සමන්විත Marriott Bonvoy හි කොටසක් වන ෂෙරටන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහි නවතම දේපල වන ෂෙරටන් කලම්බෝ හොටෙල් විවෘත කළ බව නිව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 131 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 216 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 245 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site