IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ

(තිළිණි ද සිල්වා)
 
දකුණු අප්‍රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්‍රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීමට එරට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු තානාපති රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සඳහන් කළාය.
 
ශ්‍රී ලංකාවේ තානාපති සේවය අවසන් කර සිය මව් රටට යෑමට පෙර ඉකුත් සිකුරාදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ඇය මේ බව සඳහන් කළාය. විදේශ අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විණි.
 
දැනටමත් දකුණු අප්‍රිකානු සුපිරි වෙළඳසැල් ජාලයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් , එම වෙළඳසැල් ප්‍රමාණය විස්සක් දක්වා වැඩි කර ගැනිමට කටයුතු කරන බවත් මෙහිදී තානාපතිනී රොබීනා පී. මාර්ක්ස් මහත්මිය සදහන් කළාය.
 
එහිදී ඇය පෙන්වා දුන්නේ එම වෙළඳසැල් සදහා අප්‍රිකාවේ සිට භාණ්ඩ රැගෙන එන කන්ටේනර් ආපසු යන විට ශ්‍රී ලංකාවේ තේ හා වෙනත් නිෂ්පාදන එරටට යැවීමට අවශ්‍ය පහසුකම් සුදානම් කර ගත හැකි බවය.
 
ශ්‍රී ලංකාව හා අප්‍රිකාව අතර ඇති සහයෝගිතාව දිගටම ශක්තිමත්ව පවත්වා ගත යුතු බව අවධාරණය කළ තානාපතිවරිය ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති පිළිබඳවද අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කළාය.
 
දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා දියුණු කර දෙරටේ සුහදත්වය හා අන්න්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කීරිම සඳහා තානාපති ලෙස ඉටුකර ඇති කාර්යය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කෘතවේදීව සිහිපත් කරන බව මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
 
ශ්‍රී ලංකාවේ තේවලට අප්‍රිකාව තුළ හොඳ වෙළඳපොලක් සකස් කර දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන එළවළු හා පළතුරුවලින් 40% ක් පමණ අපතේ යන බැවින් ඒවා කල් තබා ගැනමට අප්‍රිකාවේ තාක්ෂණය හා සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
 
මෙම හමුවට විදේශ අමාත්‍යංශයේ අප්‍රිකානු කලාපීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක මහතාද සහභාගි විය. 
 



අදහස් (1)

ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්‍රිකාවේ දොර ඇරේ

sunil Sunday, 06 December 2020 12:33 PM

අද සමහරු රටේ ආර්ථිකය සංවෘත කරන්නට හැදුවත්, ඔය තමා විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site