IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකාවට එරෙහි සංචාරක උපදේශන ඉවත් කරන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ උපරිම ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මකවන හෙයින් එදිනෙදා ජන ජීවිතය සාමාන්‍ය තත්වයට පත්වී ඇතැයිද ඒ පසුබිම මත ශ්‍රී ලංකාවට පැමිණීමට එරෙහිව විවිධ රටවල පුරවැසියන්ට නිකුත් කරන ලද සංචාරක උපදේශන ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් තානාපතිවරුන්ගෙන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් අද (24) ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිටින විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමඟ අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා  මේ ඉල්ලීම සිදුකළේය.

එහිදී ආරක්‍ෂක අංශ විසින් වර්තමාන ආරක්‍ෂක තත්වය පිළිබඳවත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පැවැත්වෙන පරීක්‍ෂණයන්හි ප්‍රගතිය පිළිබඳවත් විදේශ තානාපතිවරුන්ට දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දැක්වීය.

මෙම සිද්ධිය මුවාවෙන් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට තැත් දැරූ අයට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද ආරක්‍ෂක අංශ මෙහිදී අවධාරණය කළේය.

මෙම සාකච්ජාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුද එක්ව සිටියහ.

 

 

 

 

 



අදහස් (2)

ලංකාවට එරෙහි සංචාරක උපදේශන ඉවත් කරන්න

chandima Friday, 24 May 2019 04:55 PM

ඔය කිව්වට තවමත් ඉස්කෝල පිටිපස්සේ එහෙම බෝම්බ අහුවෙනවා නේද? ඔය මිනිස්සුත් ඒ ප්‍රවෘත්ති කියවනවානේ? ඉතින් ලංකාවේ මිනිස්සු ගොනාට ආණ්ඩුවට ඔය ජාත්‍යන්තර ප්‍රජාව රැවටෙයිද?

:       0       0

chandima Tuesday, 28 May 2019 12:35 PM

ඉස්සර උතුරේ යුද්ධ කාලේ කි පාරක් නම් ඔබතුමා කියන කියන ගානේ එයාල ලංකාවට එරෙහි සංචාරක උපදේශන දැම්ම, ඉවත් කලා ද? බලමු මේපාරත් කියන දේ අහයිද කියල?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site