IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලාංකික කතුන්ට ජපානයේ රැකියා 100ක්

(විනීතා එම් ගමගේ)

ශ‍්‍රී ලාංකික කාන්තාවන් සඳහා ජපානයේ සාත්තු සේවිකා රැකියා අවස්ථා සියයක් හිමිව ඇතැයි ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

විදේශ රැකියා අමාත්‍යංශය හා අයි එම් ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා ලබා දී ඇතැයි ද  කාර්යංශය කියයි.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස සාත්තු සේවිකා වෘත්තිය සඳහා කාන්තාවන් 100  කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනෙන අතර   මෙම ශ‍්‍රමිකයින් සඳහා එක් මාසයක වැටුප ලෙස රුපියල් 135,000 කට ආසන්න මුදලක් හිමි වනු ඇත.

මෙම රැකියා සඳහා අයදුම්කිරීමට කැමති අපේක්ෂිකාවන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අලෙවිකරණ අංශය වෙත තම අයදුම්පත එවිය හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර කාර්යාංශ වෙබ් අඩවියේ පළකොට ඇති බවත් කාර්යාංශයේ 011 2791814 යන අංකයට දුරකතන ඇමතුමක් ලබාදීම මගින්ද වැඩි විස්තර ලබාගත හැකි  බවත් පැවසේ.

 



අදහස් (10)

ලාංකික කතුන්ට ජපානයේ රැකියා 100ක්

hira Thursday, 11 January 2018 08:50 AM

මේ සියය තෝරන්නේ අනිවාර්යෙන්ම දේශපාලන අධිකාරියට අනුව. එක ඉර හද වගේ විස්වාසයි.

:       46       284

rama Thursday, 11 January 2018 09:35 AM

මේ ඔක්කොම යන්නේ තලතා අතුකෝරලගේ හිතවත් අය නේද????????????????

:       93       210

sachith Thursday, 11 January 2018 10:56 AM

මේ රට ලබල තියෙන දියුණුව පේනවා නේද අවුරුදු 70ක් තිස්සේ ? රටේ සාක්ෂරතාවය 95% වැඩියි, එත් තම රටේ ප්‍රධාන අදායම් මාර්ගය සාත්තු සේවිකා රැකියා, පසුව ඇගලුම් හා තේ. හැබැයි දේශපාලකයන්ගේ පම්පොරියනම් ලබන අවුරුද්දේ අගහරුට යන්න වගේ.

:       77       770

Raveendra Thursday, 11 January 2018 02:18 PM

කාන්තාව පිටරට රැකියාවට යවලා පිනට කකා බිබී ඉන්න පිරිමිත් අපේ රටේ තවමත් සිටීම කනගාටුවකි.

:       2       72

Don Thursday, 11 January 2018 04:57 PM

මේ 135000 න් එහෙ මාසේ වියදම් ටික ගියහම ඉතුරු කරගන්න වෙන්නේ රුපියල් 35000 ක් තමයි .

:       0       113

sadun Thursday, 11 January 2018 11:44 PM

ජපානයේ ජිවන වියදම ඉතා අධිකයි. නිවෙස් වල කුලිය ඉතා අධිකයි. රු. 35000 ක් වත් ඉතිරි කරගන්න බැහැ ටෝකියෝ වගේ පැත්තක නම්. නමුත් ඉතිං රජ සැපට පිරිසිදුව හොද ආහාර හොඳ දේවල්නි පරිහරනය කරමින් නිතිගරුකව තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන රස්සාව කරගෙන සාමාකාමිව ඉන්න පුළුවන් රටක්. ප්‍රශ්න විසඳන්න කියලා නිලධාරින්ට රවුම් ගහනන් එන්න ඕනෙ වෙන්නෙ නැහැ ජපායට නම්.

:       0       99

නුමාFriday, 12 January 2018 11:34 AM

හරියටම හරි. නිදහසේ ඉන්න නම් කියාපු රට. හැබැයි ගෙවල්/ලයිට්,වතුර බිල්/ රක්ෂණ නැතුව නම් 135000 කින් ජීවත් වෙන එක ටිකක් අමාරු වෙනවා. මම හිතන්නේ අඩුම ගණනේ නවාතැන්වත් දෙනවා ඇති. සාමකාමීව ජීවත් වෙනවා නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ජපන් මිනිසෙක් සමඟ ප්‍රශ්නයක් ඇතිවුණොත්, බොහෝවිට වරදකරු වන්නේ පිටරැටියා. ලංකාවේ විදිහට නැතුව ජපානයේ විදිහට ඉන්නවා නම්, මොනවත් ප්‍රශ්ණ නැහැ. පිරිසක් එක නිවසක ජීවත් වීම ලාභදායී නමුත්, ප්‍රශ්ණ වලට අත වැනීමක්. මෙහෙ හවුලේ ජීවත් වන ලාංකිකයින්ගෙන් දකින්නට ලැබෙන්නේ එහෙම තත්ත්වයක්.

:       0       6

upali Friday, 12 January 2018 12:55 PM

පුළුවන්නම් ගිහින් ජපානයේ රෝහල් ටිකත් ඉවර කරලා දැම්මනම් හරි.

:       0       1

emerson Friday, 12 January 2018 03:32 PM

ඉල්ලුම් පත්‍ර දැම්මට වැඩක් නැ. යවන කට්ටියව තෝරාගෙන ඉවරයි. ගිහිල්ලා ලෙඩ්ඩුන්ට සලකන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හැබැයි ඇඟිලි සලකුණු යන්ත්‍ර එපා කියලා ස්ට්‍රයිඩ් කරන්න නම් ලෑස්ති වෙන්න එපා. පහුවදාට අතින් ටිකට් අරන් ගෙදර එන්න වෙයි.

:       0       12

Nuwan Tuesday, 16 January 2018 09:49 AM

ඇඟිලි සලකුණු යන්ත්‍ර එපා කියලා ස්ට්‍රයික් කරලා ලෝකෙටම පෙන්නපුවම ලාංකිකයන්ගේ ගෝත්‍රික භාවය නැවත මේ වගේ අවස්ථා ලැබෙන එකක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17764 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site