IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


ලංකාවේ ජනප්‍රියම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ්

SLIM ජනතා සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ වූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට පාත්‍ර විය.

සමාගම විසින් මුල්‍ය වාර්තා එළිදක්වා පිට පිටම 17 වන වතාවටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව තහවුරු කිරීමෙන් මාසයක් ඉක්ම යනවිට සමාගමේ ජනප්‍රියතාවය සැලකිල්ලට ගනිමින් 2021 සම්මාන උළෙලෙ හිදී මෙම සම්මානය ජයග්‍රහණය කිරීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සිදුකරන ප්‍රධානතම සම්මාන ප්‍රදානෝත්සවය වන SLIM ජනතා සම්මාන මගින් මෙරට විවිධ අංශවල ආධිපත්‍යය පතුරුවා තිබෙන ප්‍රමුඛතම සම්මාන බුහුමනට ලක් කරයි.

‘ජීවිත රක්ෂණයේ ආරක්ෂක දැල මගින් ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ අනාගතයේ අවදානම අඩුකර ගැනීම සඳහා සෙලින්කෝ ලයිෆ් දශක තුනකට වැඩි කාලයක් පුරා සහයෝගය ලබාදෙනවා. මීට අමතරව, සමාගම විසින් රක්ෂණ ඔප්පු හිමියන්ට තවත් අමතර ප්‍රතිලාභ රැසක් ද ලබාදෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. SLIM ජනතා සම්මාන මගින් සමාගම රක්ෂණ ඔප්පු හිමියන්ට අමතරව විවිධ වැඩසටහන් ඔස්සේ සාමාන්‍ය ජනතාව සමගත් ගොඩනගාගෙන තිබෙන ශක්තිමත් බැඳීම පෙනෙනවා’ යැයි ද ඒ මහතා කීය.

2015 වසරේ දී නීත්‍යානුකූලව ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙන්කිරීමෙන් පසුව ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ සමාගම්වලට වෙන වෙනම ‘වසරේ ජනතා රක්ෂණ සේවා සම්පාදකයා’ යන සම්මානය ප්‍රදානය කළ පස්වන වසර 2021 වේ. මේ ආකාරයෙන් රක්ෂණ කර්මාන්තය කොටස් දෙකකට වෙන්කිරීමට පෙර සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සමාගම මෙම සම්මානය වසර 10 ක් පුරා සෑම වසරකදීම දිනා ගන්නා ලදී.

2020 වසර අවසන් වනවිට සෙලින්කෝ ලයිෆ් සමාගමේ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 150 ක්වූ අතර එම වසරේදී රුපියල් බිලියන 36.9 ක සමස්ත ආදායමක්, රුපියල් බිලියන 22.1 ක රක්ෂණ වාරික ආදායමක්, රුපියල් බිලියන 106.7 ක ජීවිත අරමුදලක් සහ රුපියල් බිලියන 133.7 ක් ඉක්මවන ආයෝජන කළඹක් මෙන්ම රුපියල් බිලියන 8.7 ක බදුවලට පෙර ලාභයක් සමාගම වාර්තා කරන ලදී.

සේයාරූ සටහන -

2021 (SLIM) ජනතා සම්මාන ප්‍රදානයට සහභාගි වූ සෙලින්කෝ ලයිෆ් අධ්‍යක්ෂ ඩෙවාන් කුරේ මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම.

 



අදහස් (0)

ලංකාවේ ජනප්‍රියම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 94 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site