IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ලංකාවේ කෘෂිකර්මාන්තය ඵලදායක නෑ

 

  • මෙම වසරේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි. 900ක් 
  • සියයට 27ක් කෘෂිකර්මාතයේ සිටියත් ආර්ථිකයට දායකත්වය සියයට 7යි.
  • ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීමට විසඳුම් සෙවිය යුතුයි. 
  • රාජ්‍ය ව්‍යවසාය කාර්යක්ෂමතාව අඩුයි. 
  • පසුගිය ජනවාරි 1 වැනිදා වනවිට සක්‍රීය ව්‍යාපෘති 27ක්. ඒ වායේ වටිනාකම ඩො.බි.4ක් 

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 25 ක් කෘෂි කර්මාන්තයට සම්බන්ධ බවත් එහෙත් කෘෂි කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දායකත්වය ලබා දෙන්නේ සියයට 7 කින් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය. අඩු ඵලදායිතාව සහ ගෝලීය වෙළෙඳපොළේ අඩු තරඟකාරීත්වය ඉන් පිළිබිඹු කරන බවද කඩෝනෝ මහතා පැවැසුවේය.

ග්‍රාමීය ආර්ථිකයේ දුප්පත්කමින් මිරිකී සිටින ජනතාව ඉන් මුදා ගැනීමට මේ සඳහා විසඳුමක් සෙවිය යුතු බව ඔහු ප්‍රකාශ කළේය. ඵලදායිතාව ඉහළ නංවා ගැනීම සඳහා වෙනස් විය යුත්තේ කෘෂිකර්මය සඳහා භාවිත කරන තාක්ෂණයද, ජලය තවත් කාර්යක්ෂම ලෙස භාවිත කිරීමද, එසේත් නැතිනම් නව බෝග හඳුන්වා දීමට අවශ්‍යතාවක් තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ කණ්ඩායමක් සාකච්ඡා පවත්වමින් සිටින බව  කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය.

මෙම වසරේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 900 ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බවත් රජය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක වනු ඇති බවත් එහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පන් මම්බෙටෝවා මහත්මිය සඳහන් කළාය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය, බලශක්තිය, කෘෂිකර්මය, මූල්‍ය, සංචාරක සහ කුසලතා සංවර්ධනය මුල්කරගත් ව්‍යාපෘති මෙම වසරේදී රජයේ ප්‍රමුඛතාව මත ආරම්භ කිරීමට ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඇය පැවැසුවාය. එසේම මිලියන 900ක මූල්‍ය සහායට ප්‍රතිපත්ති මත පදනම්ව ලබාදෙන ණයද ඇතුළත් වන බවත් ලබාදෙන ණය මුදලේ ප්‍රමාණය තවම තීරණය කර නොමැති බවත් ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව පසුගිය ජූනි මාසයේදී සී කණ්ඩායමේ සිට බී කණ්ඩායමට පැමිණි බවත් දැන් ශ්‍රී ලංකාවට සහනදායි පොලී අනුපාත යටතේ ගන්නා ණය මෙන්ම සාමාන්‍ය පොලී අනුපාත යටතේ ගන්නා ණය ලබා ගැනීමට හැකියාව තිබෙන බව ඇය පැවැසුවාය.

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධාන අරමුණ වන්නේ තිරසාර ලෙස ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන බව සහතික කිරීම, ඔරොත්තු දීමේ හැකියාව ගොඩ නැගීම සහ ආර්ථික වර්ධනය බව ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාව නගා සිටුවීම සඳහා වන ආසියානු සංවර්ධන බැංකුව පළමු උපාය මාර්ගික ඉලක්කය වන්නේ මහජන මූල්‍ය කළමනාකරණය සහ රාජ්‍ය පාලනය ශක්තිමත් කිරීම බව කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 541 ක් තිබෙන බවට අසන්නට ලැබුණු බවත් එය නිවැරදි නම් 541 ක් යනු විශාල සංඛ්‍යාවක් බවත් ඔහු ප්‍රකාශ කළේය. බොහෝ රාජ්‍ය ව්‍යවසායවල තිබෙන අඩු කාර්යක්ෂමතාව, අඩු ඵලදායිතාව, විනිවිදභාවය අවමවීම සහ අවම වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ක්‍රියා මාර්ග ගත යුතු බවද ඔහු පැවැසුවේය.

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටියදී සහාය දැක්වූ එකම බහු පාර්ශ්වික මූල්‍ය ආයතනය ආසියානු සංවර්ධන බැංකුව බවද කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය.

ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් සහ මෙම වසරේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙහෙයුම් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා සහ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පන් මම්බෙටෝවා මහත්මිය මෙම අදහස් පළ කළහ.

පසුගිය ජනවාරි 1 වැනිදා වනවිට ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති 27 ක් සක්‍රීය තත්වයේ පැවැති බවත් එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක් බවත් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී චොල්පන් මම්බෙටෝවා මහත්මිය එහිදී අදහස් දක්වමින් පැවැසුවාය.

ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ණය 36 ක් සහ ප්‍රදාන 4 ක් යටතේ එම ව්‍යාපෘති 27 ක්‍රියාත්මක වන බව චොල්පන් මහත්මිය පැවැසුවාය. ඇමෙරිකානු ඩොලර් මිලියන 869 ක් වටිනා බලශක්ති ව්‍යාපෘති 6 ක්, ඩොලර් මිලියන 823 ක් වටිනා මානුෂීය සංවර්ධන ව්‍යාපෘති 4ක්, ඩොලර් මිලියන 393 ක් වටිනා නගරබද ව්‍යාපෘති 4 ක්, ඩොලර් මිලියන 203 ක් වටිනා රාජ්‍ය අංශයේ ව්‍යාපෘති 1ක්, ඩොලර් මිලියන 422 ක් වටිනා කෘෂිකාර්මික ව්‍යාපෘති 3 ක්, ඩොලර් මිලියන 859 ක් වටිනා මහා මාර්ග ව්‍යාපෘති 6ක් සහ ඩොලර් මිලියන 466 ක් වටිනා මූල්‍ය ව්‍යාපෘති 3 ක් ඊට අයත් වන බව චොල්පන් මහත්මිය ප්‍රකාශ කළාය.

 



අදහස් (0)

ලංකාවේ කෘෂිකර්මාන්තය ඵලදායක නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1021 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site