හර්ෂණ තුෂාර සිල්ව
මේ වසරේ මුල් මාස එකොළහක කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියල 14.9%කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
පෙබරවාරි මාසයේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර පළමු මාස අටක කාලයේදී පමණක් එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 5.3%කින් අවප්‍රමාණය වූයේ සැප්තැම්බර් මාසයේ විදෙස් මූල්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය නිවේදනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට රුපියල දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ පීඩනය පිළිබිඹු කරමින් සැප්තැම්බර් මාසයේ දී පමණක් 4.6%කින් අවප්‍රමාණය වී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔක්තෝබර් 26 වැනිදා නව අගමැතිවරයකු පත් කිරීම නිසා ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් එතැන් පටන් මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල 3.2%කින් අවප්‍රමාණය වී ඇත.
‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රුපියල 1.8%කින් ද ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලයේදී 16.4%කින් ද අවප්‍රමාණය වී ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (5) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.84ක් ලෙසත් ගැනුම් 176.87ක් ලෙසත් දැක්විණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුපියල සියයට 14.9 කින් අවප්‍රමාණය වෙයි