IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රත්තරන් මිල වැඩිවීමෙන් බිස්නස් කඩා වැටිලා

බත්තරමුල්ල ප්‍රබෝදා ජුවලර්ස්හි ව්‍යාපාරික ප්‍රදීප් සංජීව

 

රත්‍තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමග මිශ්‍ර කිරීමට ද හැකි ලෝහයකි. මේ වන විට නවීන තාක්ෂණයත් සමග විවිධ වර්ණවල රත්‍තරන් වෙළෙඳපොළට පැමිණ තිබේ.  

මැයි, සැප්තැම්බර් කාල සීමාවේ මංගල උත්සව සඳහා දින වෙන්වීමත් සමග පාරිභෝගිකයෝ මංගල ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට, රන් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වති. මේ දිනවල රන් භාණ්ඩ නිෂ්පාදන වෙළෙඳපොළ කොයි ආකාරයෙන් ද පවතින්නේ යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට බත්තරමුල්ල වෙළෙඳ නගරයට ගිය ගමනේ දී රන් වෙළෙඳාමේ නියුතු ප්‍රබෝදා ජුවලර්ස් වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරික ප්‍රදීප් සංජීව මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්‍තරන්වලට තිබූ ඉල්ලුම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලුවාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා වෙලළඳාමේ වැඩිවීමක් වෙලා නෑ. රත්තරන් මිල වැඩිවීම නිසා බිස්නස් කඩා වැටිලා තියෙන්නේ.

බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

ගිය වසරට සාපේක්ෂව මේ අවුරුද්දේ රන් මිල දෙගුණ, තෙගුණ වෙලා තියෙන්නේ. මේ වෙද්දී රන් පවුමක මිල සාදන කුලිය නොමැතිව 258000ක් වෙනවා. කැරට් 24 රන් බිස්කට් එකක මිල 280000ක් වෙලා තියෙනවා. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා. රන් මිලේ ස්ථාවරත්වයක් නැහැ. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ. එහෙම වුණාම පාරිභෝගිකයොත් රන් මිලේ අඩුවීමක් වෙනකන් බලන් ඉන්නවා. 

මේ කාලසීමාව මංගල උත්සව සඳහා දින නියම වුණ කාල සීමාවක් වුණත් පසුගිය වසරවල වගේ රත්තරන් භාණ්ඩ කිහිපයක් මිලදී ගන්න එන පිරිස අඩුයි. ගිය වසරවල මුදු දෙකක්, මාලයක්, ඊට අමතරව තවත් රත්තරන් භාණ්ඩ මිලදී ගන්න පාරිභෝගිකයෝ ආවට මේ වතාවේ පාරිභෝගිකයෝ මිලදී ගත්තේ මුදු දෙකක් විතරයි. ඒ වගේම පවුමක රන් භාණ්ඩයක් මිලදී ගන්නවා වෙනුවට පවුම් භාගයක රන් භාණ්ඩයක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. රන් භාණ්ඩවල මිල වැඩිවීමත් එක්ක පාරිභෝගිකයාට ඒ මුදල දරාගන්න බැරිවීම නිසා අවශ්‍යම දෙය පමණක් මිලදී ගන්න යොමුවෙලා ඉන්නේ. දිනෙන් දින වැඩිවෙන රන් මිල පාරිභෝගිකයාට දරාගන්න බැරිවීම තමයි රන් බිස්නස් කඩාවැටෙන්න මූලිකවම බලපා තියෙන්නේ.

මනීෂා වීරසිංහ
ඡායාරූප : සුමුදු හේවාපතිරණ



අදහස් (0)

රත්තරන් මිල වැඩිවීමෙන් බිස්නස් කඩා වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31168 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13318 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10958 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 60 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site