නිමල කොඩිතුවක්කු
රාජ්‍ය අංශය තුළ ප්‍රතිඵල පාදක කළමනාකරණය ආයතනගත කිරීම පිණිස මහා භාණ්ඩාගාරයේ ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේඛිය අමාත්‍යාංශ 22 කට සහ ඒ යටතේ පවතින ආයතන වලට අදාළව 2025-2029 කාලසීමාව සඳහා ‘අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු’ සකස් කරනු ලැබ තිබේ.
සෑම අමාත්‍යාංශයකම ධුරාවලියට අදාළ වගකීම් සමඟ අනුගත වෙමින් අදාළ විෂය පථය තුළ සංවර්ධන ඉලක්ක නියමිත කාලරාමුව තුළ දී සාක්ෂාත් කර ගැනීම, එමඟින් ජනතාව වෙත අපේක්ෂිත නිමැවුම් සහ ප්‍රතිලාභ ප්‍රමාදයකින් තොරව ලබා දීම සහතික කිරීම සහ ආර්ථික අංශයන් අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම මෙන් ම රාජ්‍ය ආයෝජන කෙරෙහි මහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශ ප්‍රතිඵල රාමු උපකාරී වනු ඇත. ඒ අනුව, ප්‍රතිඵල පාදක කළමනා කරණය රාජ්‍ය අංශය තුළ ආයතනගතකිරීමට සහ ඒ ඒ අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට හා අයවැය ක්‍රියාවලියේ උපාය මාර්ගික අදියරයන්ට අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු ඒකාබද්ධ කර, අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීමට අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 04
591
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
503
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රේඛිය අමාත්‍යාංශ 22 කට ‘අමාත්‍යාංශයීය ප්‍රතිඵල රාමු’