IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රක්ෂණයක් නොමැති අයට ජාතික ස්වාභාවික ආපදා රක්‍ෂණයේ ආවරණය

රක්ෂණයක් නොමැති සියලූ ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් රජය මෑතකදී හඳුන්වාදුන් ජාතික ස්වභාවික ආපදා රක්ෂණය එවැන්නක් ලොව හඳුන්වාදුන් පළමු අවස්ථාව ලෙස සැලකෙන අතර එම රක්ෂණය හඳුන්වාදෙන ලද්දේ (Cresent Global) සමාගමේ උසස් මට්ටමේ ප‍්‍රති ආරක්ෂණ ආවරණ හා සහායෙන් වන අතර එය මේ වනවිටත් රටට විශාල ආශීර්වාදයක් බවට පත්ව ඇතැයි එම සමාගම කියයි.

2017/2018 වර්ෂය සඳහා වන ජාතික ස්වභාවික ආපදා රක්ෂණාවරණය අනෙකුත් සියලූම නියෝජිතයන් අභිභවා බිලියන 15ක් පමණ දක්වා යාවත්කාලීන කිරීමට එම සමාගමට හැකිවිය. එසේම මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ කම්කරුවන් සඳහා වන සමුපකාර රක්ෂණ සැලසුමද ඒ අතර සුවිශේෂයෙන් සඳහන් කළ හැකිය.

ජාතික ස්වභාවික ආපදා රක්ෂණය හරහා ඉකුත් වසරේ මැයි මාසයේදී ඇති වූ ජල ගැලීම් විපත් වෙනුවෙන් මූලික ඇස්තමේන්තුව වූ රුපියල් බිලියන 5.4ක මුදලක් ගෙවන ලදී. විශේෂයෙන්ම කෑගල්ලේ සිදුවූ ආපදා වෙනුවෙන් වන්දි ගෙවීම මේ වසරේ මුලදී සම්පූර්ණයෙන්ම අවසන් විය. (Cresent Global South Asia) ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක වැඩි විවිධාංගීකරණයක් හා විශේෂිත ප‍්‍රති ආරක්ෂණ සැලසුම් සපයන ආයතනය වන අතර ජාතික රක්ෂණ ප‍්‍රතිපත්ති, දේපොළ රක්ෂණය, ව්‍යාපෘති ප‍්‍රතිරක්ෂණ කටයුතු සිදුකරයි.

ධීවරයන් සඳහා වන සමුපකාර රක්ෂණ සැලසුම, ජාතික රක්ෂණ භාර අරමුදලේ රුපියල් බිලියන 15ක් දක්වා වූ ජාතික ස්වභාවික ආපදා රක්ෂණාවරණය, රුපියල් බිලියන 10ක් දක්වා වූ වර්ජන, කැරලි කෝලාහල, ජන කැළඹීම් හා ත‍්‍රස්තවාදී කි‍්‍රයා රක්ෂණාවරණය, සියලූ සාමාන්‍ය රක්ෂණ සඳහා පවරා දිය යුතු සියයට 30 අනිවාර්ය සංයුක්ත ද්විත්ව ප‍්‍රතිරක්ෂණ නිරෝධ අලාභ අතිරික්ත රක්ෂණාවරණය සහ ශී‍්‍ර ලංකාවේ මෙතෙක් ගණනය කරන ලද සුවිශේෂී ගණයට අයත් විශාලතම අවදානම ලෙස ගණන් ගැනෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ජාත්‍යන්තර වෙළෙඳපොළ A ශ්‍රේණියේ සුරැකුම් මගින් ප‍්‍රතිරක්ෂණය කිරීමට  සමූහය පියවර ගෙන තිබේ.

(Cresent Global South Asia) සමාගමේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් ප‍්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. ‘තවත් විශේෂත්වයක් තමයි, ( Cresent Global ) සමාගම දැවැන්ත ප‍්‍රතිරක්ෂණ කටයුතු සිදුකිරීම. එක් අතකින් ස්වභාවික ආපදා රක්ෂණයෙන් සමස්ත රටම රක්ෂණය කොට තිබෙනවා. ඒ වගේම උදාහරණයකට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි අති විශාල ආයතනත්, වන්දි පූරණය අතින් දැවැන්ත වටිනාකමක් තිබෙන ස්ථානත් අප සමාගම හරහා රක්ෂණය කොට තිබෙනවා. පූර්ව සූදානම පමණක් නොව ආවරණයේ පුළුල් බව ද ඉහළ වැදගත්කමකින් යුක්ත ය . (Cresent Global )   සමාගමේ නිෂ්පාදන හා සේවා ගොනුව එහි විවිධත්වය පිළිබිඹු කරන්නකි.



අදහස් (0)

රක්ෂණයක් නොමැති අයට ජාතික ස්වාභාවික ආපදා රක්‍ෂණයේ ආවරණය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site