IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


යූනියන් ඇෂුවරන්ස් වෙතින් MDRT සුදුසුකම්ලාභීන් ඇගයුම් වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සිය MDRT සුදුසුකම්ලාභී රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ගේ විශිෂ්ට ජයග්‍රහණ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගියදා සමරනු ලැබීය. මිලියන් ඩොලර් රවුන්ඞ් ටේබල් හෙවත් ඩොලර් මිලියන වට මේසය  (MDRT) යනු, ඉහළම සදාචාරාත්මක ප්‍රමිති අනුගමනය කරමින් අඛණ්ඩව ව්‍යාපාර කොටස්හිමියන් සමඟ විශ්වාසය ගොඩනගා ගන්නා අතරම පාරිභෝගිකයන්ට හොඳම විසඳුම් පිරිනමන රක්ෂණ උපදේශකයන් සඳහා හිමි වන ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීම වේ.  

සහභාගි වූවන්ට සිය කාර්යභාරය සම්බන්ධයෙන් විශිෂ්ටත්වය අත්පත් කර ගැනීමේ හැකියාව ලබාදීමට අගනා අදහස්, මෙවලම් හා උපායමාර්ගික සැලසුම් ඉදිරිපත් කළ ප්‍රධාන දේශකයා වූ සුදීර ගොඩබැද්දගේ විසින් ඉදිරිපත් කරන ලද දැනුම බෙදහදා ගැනීමේ සැසියක් මෙම අවස්ථාවට ඇතුළත් විය. සිය විශිෂ්ට දායකත්වය උදෙසා ඉහළම කාර්යසාධනය පළකළ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන් ඇගයීමට පාත්‍රකළ සම්මාන උළෙල මෙම සැඳෑවේ තවත් එක් කැපීපෙනෙන අංගයක් විය. 

කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන සහකාරත්ව බෙදාහැරීම් නිලධාරිනී වත්සලා අලුත්ගෙදර මෙසේ පැවසුවාය. “යූනියන් ඇෂුවරන්ස් හි අප විශිෂ්ටත්වයෙන් යුතු සේවා වටපිටාවක් පවත්වා ගැනීමට කැපවෙමින්, අපගේ රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්ට තමන්ගේ උපරිම ඵලදායීතාව වෙත ළඟාවිය හැකි වන ආකාරයට ඔවුන් සවිබල ගන්වනවා. MDRT සුදුසුකම්ලාභී සාමාජිකයන් සඳහා වන ඇගයීම් වැඩසටහන ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සහ ඔවුන් විසින් අපගේ පාරිභෝගිකයන්ට පිරිනමනු ලබන වටිනාකම් පිළිබිඹු කරන්නක්”.  

“ඔවුන්ගේ වැඩිදියුණුව හා සාර්ථකත්වය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබාදෙමින්, ක්ෂේත්‍රයේ නිරන්තරයෙන්ම ඉහළ ප්‍රමිති වෙත ළඟාවීම සඳහා ඔවුන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන අතරම, පාරිභෝගිකයන්ට ඉහළම මට්ටමේ සේවාවක් පිරිනමමින් සිය රැකියාවල අඛණ්ඩ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔවුන්ට අවශ්‍ය වන පුහුණුව හා සම්පත් සැපයීමට සමාගමක් ලෙස අප නිරතුරුවම කැපවී සිටිනවා”, යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය. 

යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH)  හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2024 සැප්තැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 27.8ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 74.7ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යුනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් වෙතින් MDRT සුදුසුකම්ලාභීන් ඇගයුම් වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 40 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 878 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site