IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යාපනයේ දුම්කොල කර්මාන්තයත් නවතින ලකුණු

 

(රොමේෂ් මධුෂංඛ)   

විවිධ ගැටළු හා බාධක රැසකට මුහුණ දීමට සිදුව ඇති නිසා මෙවර කන්නයෙන් පසුව යාපනයේ බොහෝ ගොවීන් නැවත දුම්කොළ වගා කිරීමට බාලාපොරොත්තුවක් නොමැති බව යාපනයේ දුම්කොළ වගාකරුවෝ පවසති.

රජය දුම්කොළ සදහා පනවා ඇති නීතිරීති දැඩි වීමත් සමගම ඒවා දුම්කොළ වගාව සදහාද බලපා ඇති බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ බීජ සපයා ගැනීමේ සිටම එම නීතිරීති වලට තමන්ට යටත් වීමට සිදුවූ බව කියා සිටියහ.

යාපනයේ වඩමරච්චි හා කෝපායි ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ දිනවල දුම්කොළ වගාවලින් අස්වැන්න නෙලීම ආරම්භ වීමත් සමගම දුම්කොළ මිල ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙ න ඇතැයි යාපනයේ දුම්කොළ ගොවීන් පවසන අතර දුම්කොළ මිලට ගන්නා අයෙකු යාපනයෙන් සොයා ගැනීම පවා ප්‍රශ්නයක් වී ඇතැයි කියා සිටිති.

පසුගිය වසරේ මෙම කන්නයේදී  දුම්කොළයක් 180 කට අලෙවි කරගැනීමට හැකි වුවත් මෙවර තම දුම්කොළයක් තොග වශයෙන් රුපියල් 125 කටවත් අලෙවි කරගැනීමට නොහැකි වී ඇතැයි ඔවුන් පවසති.
දුම්කොළ වගාවට වඩා කපන ලද දුම්කොළ පදම්කොට පැණි යොදා පැණි දුම්කොළ වශයෙන් සකස් කිරීම ඉතා අසීරු ක්‍රියාවක් බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ වියළීමේදී දුම්කොළ පෝරණුවලට ගිනි ඇවිළීමෙන් ඇතැම් විට දුම්කොළ කිලෝ 2000ක් 3000 ක් විනාශ වන අවස්ථාද ඇති බව කියා සිටිති.
මෙතරම් මහන්සියක් වී සකස් කරණු ලබන දුම්කොළයක් රුපියල් 200 කටවත් අලෙවි කරගැනීමට නොහැකිනම් එම ගොවිතැනෙන් පළක්  නොමැති හෙයින් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට යාපනයේ දුම්කොළ ගොවීන් කියා සිටිති.



අදහස් (10)

යාපනයේ දුම්කොල කර්මාන්තයත් නවතින ලකුණු

vernon Thursday, 15 March 2018 09:09 AM

දැන් මොකක්ද බලධාරියා කරන්න ඕන? මහජන මුදලින් දුම්කොළ අරගෙන සිගරට් හදන්න සිගරට් සමාගමට දෙන එකද?

:       1       13

Pradeep Liyanage Friday, 16 March 2018 02:41 AM

මා දන්නා පරිදි දුම්කොළ වගා කරුවන් කවදත් අසරණය. ඔවුන්ගේ දහදිය මහන්සියෙන් උපරිම පල නෙලා ගන්නේ බාම් හිමි කරුවන් සහ දුම්කොළ සමාගමය. එබැවින් රටටත් ජනතාවටත් පලක් නැති මේ දුම්කොළ වගාවෙන් ගොවින් ඉවත් වී වෙනත් බෝග වගාවකට යොමු වෙනවානම් හොදයි.

:       0       47

theshan Friday, 16 March 2018 02:48 AM

මෙම ගොවීන්ව වෙනත් ලබා ලබන බෝග වර්ගයක් සඳහා යොමුකළ යුතුයි. මොවුන් පමණක් නොවෙයි දුම්කොළ ආශ්‍රිත රැකියා වල නිරත වන සෑම දෙනාම වෙනත් අදායම් මාර්ග වලට යොමු කිරීම රජයේ වගකීමක්.

:       0       6

janahitha Friday, 16 March 2018 04:13 AM

ඒකටනම් කමක් නැහැ. අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි නේ. වෙනත් වගාවන්ට පුරුදු වෙන එක තමයි හොඳම දේ.

:       9       68

President Friday, 16 March 2018 04:39 AM

දුම්කොළ අපිට අහිතකරයි. ඔහොම වෙන එකම හොඳයි. දුම්කොළ වගාව රටෙන් අතුගා දමන්න ඕනි.

:       12       168

PerakumFriday, 16 March 2018 08:53 AM

එහෙම කියල අසරණ ගොවියා අතුගා දමන එක හරිද...? ගොවිතැනට අධිපති දේශපාලුවෝ නිදිද...? ඔවුන්ගේ වගකීම ගොවියා දැනුවත් කර මග පෙන්වීමයි. එසේ නැතුව අපේ බදු මුදලින් සුර සැප වින්දට වැඩක් නෑ.

:       172       61

Ranjith Silva Friday, 16 March 2018 05:35 PM

මේ විදිහට දුම්කොළ අපේ රටින් තුරන් කරන්න පියවර ගන්න. ආහාර වර්ග වගා කරන්න දිරිමත් කරන්න. වස විස දේවල් තුරන් කරන්න.

:       2       75

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 03:20 AM

දුම්කොළ වගාව වෙනුවට වෙනත් විකල්ප වැඩපිළිවෙලක් සකස්කර දීමට මේ රටේ නායකයාටත්,අදාළ ඇමැතිටත් තවම බැරි උනාද ? අවශ්‍ය දේට නැති කට වෙනත් දේටනම් තිබෙන බව පේනවා..

:       0       2

shashi Thursday, 29 March 2018 12:10 PM

"මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවට පවසන්නේ" වෙනත් වර්ග වගාවකට සවිබල දෙන්න කියන එකකි

:       0       0

Dilshan Madushanka Thursday, 25 May 2023 11:37 PM

දුම්කොළ අපගේ ශරිරයට අහිතකරයි. පර සුද්දගේ දුම්කොළ මේ රටින් අතුගා දැමිය යුතුයි. සමාජයට අවශ්‍ය වන්නේ මත් වෙච්චි පිස්සන් ටිකක් නොවෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31262 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13447 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site