IMG-LOGO

මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී

(හර්ෂණ තුෂාර සිල්වා)

 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව දෙවැනි දිනටත් අද (21) පහළ වැටිණි. 


ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.93ක් ලෙසත් ගැනුම් අගය 158.73ක් ලෙසත් දැක්විණි.

මේ අනුව ශ්‍රී ලංකා රුපියල අද (21) මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය. ශ්‍රී ලංකා රුපියල පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබේ. 
  
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත. 
 
ශ්‍රී ලංකා රුපියල මේ වනවිට දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන අතර, මේ වසර අවසන් වනවිට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය  163ත් 165ත් අතර අගයක් දක්වා ඉහළ යනු ඇතැයි ගනුදෙනුකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා මීට පෙර වාර්තා කර තිබිණි.

පසුගිය වසරේ දී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.   



අදහස් (5)

මේ සතියේ දෙවැනි වරටත් රුපියල බහී

Ratnamalala Wednesday, 22 August 2018 01:55 AM

මේ වෙනස දකිද්දී දැන් අපට කරගත් දේට මාර සතුටක් දැනෙන්නේ.

:       1       135

නීල Wednesday, 22 August 2018 09:45 AM

කවුරුහරි මේ අවපාත වීමෙන් ඇතිවන බලපෑම් සාමාන්‍ය මහජනයාට තේරුම් කර දීමට උත්සාහ ගන්නවා නම් අගෙයි. ටික කලකට පෙර මා මේ ගැන පොලේ වෙලෙන්දියක් සමග කතා කළ විට ඇය කීවේ “ඉතින් මොකද? තාමත් රුපියලට සත 100ක් ලැබෙනවනෙ “ කියායි. මම එතනින් කතාව නැවැත්තුවා.

:       1       105

BamunuarachchiWednesday, 22 August 2018 03:37 PM

ඔය තමයි දේසපාලුවන්ගේ බුද්ධිමත් ඡන්ද දායකයෝ ඕගොල්ලෝ තමයි රට මොන අතට යායුතුද කියලා තීරණය කරන්නේ. මේවගේ ඡන්ද දායකයින්ට තමයි ඔය මේ දේසපාලුවෝ හරියන්නේ. මේ ඡන්ද දායකයෝ නිසා තමයි අපි දුක් විදින්නේ.

:       0       21

BamunuarachchiWednesday, 22 August 2018 03:40 PM

නීල සාමාන්‍ය පෙළවත් සමත් නැති මන්ත්‍රිවරු ඉන්න රටක ඕවා තේරුම් ගන්න මිනිස්සු කොහෙද

:       0       24

sumundu Saturday, 25 August 2018 12:46 AM

ඔහොම යන් ඔහොම යන්. මේ අයව තමන්ගේ නායකයන් කරගත් වරද තේරෙයිද දන්නේ නැහැ,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 796 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site