IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මේ වසරේ උද්ධමනය ඉහළට

  • තෙවැනි කාර්තුව වන විට උද්ධමනය ඉහළයන බවට පුරෝකථනයක්
  • 2026 මැද භාගය වන විට සියයට 5 සිට ප්‍රතිශතාංක 2ක් පමණ ඉහළට
  • 2024 ආර්ථික වර්ධනය සියයට 5ක්
  • මතුවිය හැකි අවද‌ානම් හේතුවෙන් පුරෝකථනවලට වඩා උද්ධමනය ඉහළ යෑමේ අවද‌ානමක්

විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේ තෙවැනි කාර්තුවේදී උද්ධමනය සැලකිය යුතු මට්ටමින් ඉහළ යනු ඇති බවත්, ලබන වසරේ මැද භාගය වනවිට උද්ධමනය තවත් ඉහළ ගොස් ඉලක්ක ගත මට්ටම වන සියයට 5 හේ සිට ප්‍රතිශතාංක 2 ක් පමණ ඉහළින් තිබීමේ හැකියාව පවතින බවත් මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ලබන වසරේ තෙවැනි කාර්තුවේ සිට උද්ධමනය ක්‍රමානුකූලව පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, සුදුසු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල සහායෙන් මැදි කාලීනව උද්ධමනය ඉලක්ක ගත සියයට 5 ක මට්ටමට ළඟා වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම වසරේ පළමු කාර්තුවේදී තවදුරටත් උද්ධමනය පහළ යනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත්, උද්ධමනය ඉහළ යෑම දෙවැනි කාර්තුවේ සිට ආරම්භ වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවත් ඔහු පැවැසුවේය.

මුදල් ප්‍රතිපත්ති වාර්තාව පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පසුගියදා පැවැති වැඩසටහනකදී ඔහු මෙම අදහන පළ කළේය.

මෙම වසරේ පළමු කාර්තුවේදී තවත් පහළ යන උද්ධමනය දෙවැනි කාර්තුවේදී නැවතත් සියයට 0 සීමාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ. දෙවැනි කාර්තුවේදී සියයට 0 සීමාවට පැමිණෙන උද්ධමනය තෙවැනි කාර්තුවේදී ශීඝ්‍රයෙන් ඉහළ යෑම ආරම්භ වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ.

2024 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තු නිරීක්ෂණය කරන ලද ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් සිව් වැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ මූල්‍ය ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වේ. ඒ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා ආර්ථික වර්ධන වේගය සියයට 5 ක් වනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ. මැදිකාලීනව මෙරට ආර්ථික වර්ධනය හැකියාව පවතින මට්ටමට වඩා අඩු වේගයකින් වර්ධනය වනු පුරෝකථනය කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

එහිදී අදහස් දක්වමින් අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලසිත පත්බේරිය මහතා ප්‍රකාශ කර සිටියේ, සැලකිය යුතු මට්ටමකින් රුපියල අවප්‍රමාණයවීමට ඇති හැකියාව, අපේක්ෂිත රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා මාර්ගයෙන් යම් අපගමනයක් සිදුවීමට ඇති හැකියාව, භූ - දේශපාලනික අවිනිශ්චිතතා මධ්‍යයේ ගෝලීය ආහාර සහ බලශක්ති මිල කෙරෙහි ඇතිවිය හැකි ඉහළ පීඩන සහ ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ව හේතුවෙන් කෘෂි කාර්මික නිෂ්පාදනයට සිදුවන බලපෑම යන මතුවිය හැකි අවදානම් තත්ව හේතුවෙන් උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක් තිබෙන බවය.

එසේම බලශක්ති මිල අඩු කිරීම් නිසා ඇතිවිය හැකි වක්‍ර බලපෑම්, අත්‍යාවශ්‍ය භාණ්ඩවල සිදුවිය හැකි මිල අඩු කිරීම් සහ මහ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය හීනවීමේ දිගු කාලීන බලපෑම හේතුවෙන් උද්ධමනය පුරෝකථනය කළ මට්ටමට වඩා පහළ යෑමේ අවදානමක් තිබෙන බවද අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය ලසිත පත්බේරිය මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

මේ වසරේ උද්ධමනය ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31334 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13545 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 944 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site